(ජයන්ත සමරකෝන්)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් ජල වැටලීම් අංශය බදුල්ල නගරයේ සිදුකළ හදිසි වැටලීමක දී වසර ගණනක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසක් සොයා ගත් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
පැය 3 ක් ඇතුළත සිදුකළ මෙම වැටලීමේ දී නීතිඥවරයකුගේ නිවසක් හා ගෘහස්ථ ජල සැපයුමක් ලබාගෙන වාණිජ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති ස්ථානයක් ද සොයා ගැනීමට වැටලීම් කණ්ඩායම් සමත් වී ඇත.
ජල මීටරයට හසු නොවන සේ භූගත බට යොදා අමතර සම්බන්ධතාවක් මගින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හා නීතිඥවරයා විසින් කාලයක පටන් මෙම හොර ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
එම දෙදෙනා වරද පිළිගැනීම නිසා එක් අයකුට රුපියල් 15,000 බැගින් දඩ මුදලක් නියම කර ඇත.
බ්ලොක්ගල් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට රුපියල් 26,000 ක දඩයක් නියම කර ඇතැයි ද අනවසර ජල වැටලීම් අංශය සඳහන් කරයි.
COMMENTS
අපේ පාර්ලිමේන්තුවේත් සෑහෙන ගොඩ වැඩි කරගන්න නීති විශාරදයන් ඉන්නවා.
"වසර ගණනාවක් තිස්සේ" හොරෙන් ජලය ලබාගත්තා නම්, දඩය රුපියල් 15,000 ක්ද? කාලය අවුරුදු තුනක් කියලා හිතුවත්, ඒ කියන්නේ මාසයකට දඩය රු. 425.00 කටත් අඩුයි. දඩය ඔයතරම් ලාබ නම්, මටත් හිතෙනවා හෙට අනිද්දා හොර ජල සැපයුමක් හදා ගන්න. අහු වුනොත් 425යි. නැත්නම් ගජ වාසි. මම හිතාගෙන හිටියේ කැකිල්ලේ රජ්ජුරුවෝ මැරිලා හුඟක් කල් කියලා. අනේ අනිච්චං මෙහෙමත් ලෝකයක් !!!
මේවගේ අයට කෙසේ මහජන නියෝජිතයන් කියන්නේද? මෙයාගේ අහිංසක අඹුදරුවන්ට දැන් පාරේ බැහැලා නම් යන්න බැහැ කල වැඩේට. මෙයාව තේරීමට උදව් කල සියල්ලෝටම ජය වේවා....!!!!