දෙමටගොඩදි තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු මස 12 සහ 13 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (11) තීරණය කර තිබේ.
එසේම නඩුවේ දෙවැනි සාක්ෂිකරුගේ සිට හත් වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන් මීළඟ දින අධිකරණයේ පෙනී සිටින්නැයිද නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා සිතාසි නිකුත් කළේය.
2015 වසරේදී දෙමඩගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නැමැත්තකු බලෙන් පැහැරගෙන යාම, අයුතු ලෙ සිර කර තබා ගැනීම අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිටීම ඇතුළු අධි චෝදනා 24 කට නිතීපතිවරයා විසින් නඩුපවරනු ලැබ තිබිණි.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් 08 දෙනා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවෝ වෙති.
(36698)
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියේ නඩු විභාගය මාර්තු 12-13
Bandara Tuesday, 11 December 2018 06:41 AM
මම මාවම පැහැර ගත්තා ....................