
(මනෝප්‍රිය ගුණසේකර)
තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන මැයි මස 23 වැනි දා විබෘග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්න දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරිමට මහාධිකරණ විනිසුරු නියම කළේය.
2015.11.25 වැනි දා වෙළෙඳහලක සේවකයකු පැහැරගෙන ගොස් ඔහුට පහරදුන් බවට හිරුණිකාට සහ ඇගේ ආරක්ෂක නිලධාරීන් වශයෙන් කටයුතු කළ තිදෙනාට එරෙහිව නඩු පවරා තිබු අතර නඩු විභාගය අතරතුර විත්තිකාර ආරක්ෂක නිලධාරීන් විසින් චෝදනාවන්ට වරදපිළිගත් ලදුව ඔවුන්ට දඬුවම් නියම කෙරිණි.
COMMENTS
ළඟදිම රන්ජන් අයියා ඉන්න බෝඩිමට යයි.
ආපහු කොළොන්නාවෙන් රත්මලානට ගෙන්නගත් ගමේ ඇත්තන් සමග ගල්කිස්ස වෙරළ වැලි කාන්දුවකට ලක්වෙලා කියලා සන්ග්ලාස් දාලා කුඩයක් යටින් ගිහින් බැලුවේ නැද්ද දන්නෑ. මොකද ජනතාව පුදුම ඕනෑකමකින් බලන් හිටියේ මේ කාන්තාවගේ අවසාන ඉංජිනේරු , තාක්ෂණික ඥාණය පදනම් කොටගත් නිගමනය ගැන...