(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ නීතිවිරෝධීව රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(05) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි තුවාන් ආපිල්ඩීන් නැමැති පුද්ගලයෙකුටය.
අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රහසිගත ලෙස රැගෙන ගොස් සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත සහකාර භාරකරු පී. ටී. දයාරත්න, වන සත්ත්ව නියාමකරුක්ෂාන් ලක්ෂාන්ත යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබු අතර, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා වන සත්ත්ව දෙපාර්තුමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලදි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ
බෝරා Thursday, 05 September 2019 10:40 AM
සත පහකට විශ්වාස නෑ මෙයාලව. කොහොමත් මෙයාලට වනාන්තර පෙන්නන්න බෑනේ. මෙයාලගේ අනිත් වැඩේ තමයි ඔය ඉවෙන්ට් සංවිදානය කරන්නන් එක්ක එකතු වෙලා ට්‍රැවල් කරනවා කියල ලංකාවේ හොදම තැන් බලාගෙන ඇවිල්ල පස්සේ ඒ ඒ පැති ටික ටික ආක්‍රමණය කරන එක පොඩි පොඩි හොටෙල් ගහන්න ඉඩම් ගන්න එක. අකුරු තුනේ දෙයියට සම්බන්ද අයට ඉතින් මේක අරාබියක් කරනකම් නින්ද යන්නේ නෑනේ.