(නිමන්ති රණසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මිදිගම නඳුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙක් වන ‘‘පපී’’ නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් තංගල්ල ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගනු ලැබීය.
‘‘පපී’’ යන මෙම සැකකරු හෙරොයින් කිලෝ 395ක් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු වන බවත් මොහු, මෙරටට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙරදී බවත් පොලීසිය පවසයි.
නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලාකායට හසු නොවන පරිද්දෙන් ඈත මුහුදේ සිට මෙරටට පිහිනා මෙරටට පැමිණ ඇති මොහු මාස හයකට අධික කාලයක් ගැඹුරු මුහුදේ ධීවර බෝට්ටුවක ජීවත් ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය සදහන් කරයි.
මෙරටින් දියඹට යන ට්‍රෝලර් යාත‍්‍රාවලින් කෑම බිම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගෙන ධීවර යාත‍්‍රාවක ජීවත්ව ඇති මොහු අදාළ හොරොයින් සිද්ධියේදී බෝට්ටු ස්කීපර් ලෙසින් කටයුතු කර මත්ද්‍රව්‍ය සහ ගිනි අවි විශාල ප‍්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවට ද කරුණු අනාවරණය වී ඇතැයි ද පොලීසිය සදහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවය සහ වෙරළාරක්ෂක බලකාය එක්ව කළ ආවේක්ෂණ රාජකාරිවලින් පසු මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත්, මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘හරක් කටා’ සහ දික්වැලේ ‘රන් මල්ලි’ යන අයගේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් දීම සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS