IMG-LOGO

හරක්කටාගේ ගෝලයා - හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)
 
මිරිස්සේ හෝටලයක් වටලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ  ගෝලයෙකු බව කියන පාතාල සාමාජික හයිබ්‍රිඩ් සුරංග සමග තරුණියන් දෙදෙනකුද  මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

හයිබ්‍රිඩ් සුරංග සමග මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  ,නෙළුව මාවනාන සුදුවැල්ල පදිංචි තරුණියන් දෙදෙනකි.
ඔවුන් සන්තකයේ තිබු අත් විලංගු එකක්,අයිස් ග්‍රෑම් 20ක්, හෙරොයින් ග්‍රෑම් 05ක් මුදල් රුපියල් 58830ක් ද ඔවුන් පැමිණ ඇති S.P.K.W.2557 ඇක්වා වර්ගයේ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පැවසුවේ හයිබ්‍රිඩ් සුරංග නමැති සැකකරු විවිධ ප්‍රදේශවල සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ අතර පසුගිය සතියේද වැලිගම නගරයේ පුද්ගලයෙකුගෙන් තමන් විශේෂ කාර්ය බළකායේ බව පවසා අත් විලංගුද පෙන්වා කප්පම් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.

බුද්ධි තොරතුරක් මත අක්මිමණ හියාරේ කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක හේවාපතිරණ මහතාගේ මෙයෙවිම යටතේ පොලිස් පරික්ෂක ප්‍රියදර්ශ, උප පොලිස් පරික්ෂකවරුන් වන තිලකරත්න,නාමල් යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කර ඇත.

සැකකරු සහ නඩු භාණ්ඩ වැලිගම පොලිසියට බාරදී තිබේ.



අදහස් (0)

හරක්කටාගේ ගෝලයා - හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site