( ළහිරු හර්ෂණ )
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද( 04) පෙරවරුවේදී ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇත.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු මේ වන විට ප්‍රතිකාර ලබයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර අසනීප තත්ත්වයෙන් සිටින ඔවුන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ මෙලෙස ප්‍රතිකාර ලබති.


COMMENTS
ගෙවන වාට්ටුවට ගෙවන්නේ කව්ද? කොහොම වුණත් ආණ්ඩුව බේරෙන්න හදන්නේ මෙයයි පොලිස්පතියි බිල්ලට දීලා...
රටවැසියාට කොකා පෙන්නන දේශපාලකයන් එලවමු..!
ඕනෑම ආයතනයක අංශ ප්‍රධානියා නියෝග නිකුත් නොකළ විටදී ඉන් පහළ නිලධාරියක් හිතුමතේට ඒ අංශ ප්‍රධානියාගේ වගකීමක් ක්‍රියාවට නැගීම දඩුවම් ලබන වරදකි. රටේ ආරක්ෂාව පිළිබඳව අණ දෙන සේනාධි නායකයා නිසි අයුරින් නියෝග දී නැත්නම් ඉන් පහළ නිලධාරීන් හිතුමතේ ක්‍රියාත්මක වුනොත් දඩුවම් ස්ථිරයි. ඉතින් පොලිස්පති හෝ ආරක්ෂක ලේකම්ට විධායක ජනපති නියෝග කරනතුරු ක්‍රියා කළහැකිද? එසේනම් මොවුන් දෙදෙනා වැරදිකරුවන්ද?
සල්ලි තියෙන අය ගෙවන වාට්ටුවේ සැප විඳීවි බන්ධනාගාර ගත නොවී. ඒ අයගේ මුල් වැරදි නිසා නේද අද තාත්තා කෙනෙකුට මැරෙන්න වුණේ. පුද්ගලයන් කීප දෙනෙක් නිසා අදරටම අඳුරේ. අවාසනාවක්...
රටේ මර්මස්ථානයක් වෙච්ච ආරක්ෂාව පිළිබඳ වගකීම දීලා තියෙන්නේ මහා අබ්බගාත ලෙඩ්ඩුන්ටනේ.