IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හේමසිරි-පූජිත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන්  ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12හි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී නොසිටින බවද  නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) නිල වශයෙන් දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) ප‍්‍රථම වරට සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ආරම්භ කරන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි බොහෝමයක් පෙත්සම් වලින් ඉල්ලා තිබෙන ප‍්‍රධාන සහනය බවත්, එම සහනය දැනටමත් ඉටු වී ඇතැයි ද නීතිපතිවරයා සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කියා සිටියේය.

පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ මෙම පෙත්සම් සියල්ලේම වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවයි.

මෙම පෙත්සම්වලට අදාළ ඇතැම් වගඋත්තරකරුවන්ගේ විරෝධතා තමන් වෙත ලැබුණේ පෙරේදා (11) පෙරවරුවේ බවද නීතිපති ලිවේරා මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (9)

හේමසිරි-පූජිත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි

Raveendra Friday, 12 July 2019 01:31 PM

සිංහයන් ලෙස හැසිරුණු අපි දෙන්නා..// කුක්කන් ලෙස ලෙඩවුණු අපි දෙදෙනා..// වගකීම් යුතුකම් අමතක කළ අපි දෙදෙනා..// දෙවියෝ බලාගනිත් අහිංසක අපි දෙදෙනා..///

:       52       320

රවින් Friday, 12 July 2019 01:54 PM

නැතිව ඉතින් මහා එකාගේ ඇඟ බේරගන්න විදියක් නැතිවෙනවනේ... අනිකුත් රාජ්‍ය සේවකයිනි, බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන විත්තිය තරයේ මතක තියාගෙන තම රාජකාරිය කරන්න. මොකද කිසිවෙක් තමාගේ උදව්වට නොපැමිණේ. "තම හිසට තම අතමය සෙවනැල්ල" කියන එක තම තමන් රාජකාරි කරන මේසය මත පැහැදිලි ලෙස පෙනෙන්න ලියා තබාගන්න...

:       124       368

ලුම්බිණි Saturday, 13 July 2019 12:57 AM

එතකොට නීතිපති පෙනී ඉන්නේ තමන්ට හොඳයි කියල හිතෙන අය වෙනුවෙන් පමණක්ද?

:       72       4

Mahee Saturday, 13 July 2019 06:03 AM

දප්පුල ද ලිවේරා නීතිපතිතුමනි, මෙතෙක් සිටි විශිෂ්ඨතම නීතිපතිවරයා ඔබතුමායි. එය දවසින් දවස ඔප්පුවෙමින් පවතී. අර කොමිෂන් සභාවට රනිල් ආපු වෙලාවේ ජයන්ත ජයසූරිය එදා හිටපු නීතිපතිවරයා ඔබතුමාට හරස් ප්‍රශ්න අහන්න ඉඩ නොදී කරපු වැඩේ නොවෙන්න.. හරි හරි දේවල් එළිවෙන්න තිබුණා. ඔබට මගේ ප්‍රණාමය!

:       603       23

Chanak los angelesSunday, 14 July 2019 07:22 AM

මහී .. ඔබ නොදන්නා බොහෝ දේ සිදුවෙනවා ඇත . නීතිපතිව පත්කළේ විධායකය විසින් . මැස්ස ගහන අතටයි වැල ඇදෙන්නේ කියන රීතිය ඔබට පසක් කරමි .ලාංකිකයන් කලගුණ සැලකීමේ විශාරදලා නිසා නීතිය බල්ලට දමා කළගුණ සලකනවා . මේ කර තිබෙන්නේ එයයි

:       0       0

Rata Perata Saturday, 13 July 2019 07:06 AM

මාර දේවල් ලංකාවේ වෙන්නේ... මහ කෙනා එක්ක සෙට් වෙලා මේ දෙන්නව හිරේ දාලා, දැන් කියනවා මම පෙනී හිටින්නේ නෑ කියලා. අපි නම් තප්පුලන්නෙත් නෑ, තණකොළ කන්නෙත් නෑ.

:       50       65

MaheeSunday, 14 July 2019 02:27 AM

ඔබ රට පෙරට කියාගත්තට රට පස්සට කිව්වා නම් තමයි ගැලපෙන්නේ. අවධියෙන් හිටියා නම් කලින් හිටපු නීතිපති කරපු වැරදි ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනෑ. පළාත් පාලන ඡන්ද විමසුම කල් දැමිය හැකිද යන්න ගැන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පවා එරෙහිව මැති සබය නොමග යැවූ හැටි මතකද? වර්තමාන නීතිපතිවරයා සමහර වැරදි ඔහුට කළහැකි අන්දමින් නිවැරදි කරන්න උත්සාහ කරන බව පාට කන්නාඩි තුළින් නොබලන ඕනෑම කෙනෙකුට පෙනිය යුතුයි. මෙයත් එවැන්නක්...

:       0       0

ranjith Sunday, 14 July 2019 12:47 AM

සත්‍ය වශයෙන්ම මේ ගැන වගකිව යුත්තෝ මේ වනවිට දේශපාලන කුණු කුඩේට වැටිලා ඉවරයි.

:       0       0

chandra Sunday, 14 July 2019 05:46 AM

නීතිපති ස්වාධීන නම් අපක්ෂපාතී නම් සෙසු අයවරුන් වෙනුවෙන්ද පෙනී සිටීම සාධාරණ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31259 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 88 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site