(නිමන්ති රණසිංහ)
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද සවස නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත කොළඹ ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කම් පල පලදෙනවා... නීතිය නිකන් ඇදේට යනවද මන්දා.
හරිදේට ගරුකරනවා ස්වාමීනි !
බලාගෙන යනකොට ලෙඩ්ඩුනේ රට කරලා තියෙන්නේ.
බලාගෙන යනකොට ලෙඩ්ඩුනේ රට කරලා තියෙන්නේ.
අනෙ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා මට නම් දැන් විකාරයක් වගෙ දැනෙනවා
එක කාලයක් මදුෂ් අල්ලාගෙන පට්ට ගැහුවා දැන් මේ දෙන්නව අල්ලාගෙන රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවනවා .
මොකක්ද දන්නේ නෑ චෝදනාව ?
නීතිය ගැන , ප්‍රසංසා කරන්න කාලය ඇවිල්ලද ..?
යථාර්තය මෙය නොවේ
ඉතා හොඳ තීරණයක්.
දප්පුල ද ලිවේරා මැතිතුමා නීතිපති වුනාට පස්සේ ලොකු වෙනසක් අපට පේනවා.
මේ දෙන්නව අත්අඩංගුවට ගැනීම විය යුතු දෙයක්. ඕනවට වැඩ නීතිය නවන්න ගියහම ඔහොම තම. මේක ඉතාම හොද උදාහරණයක්.
අපේ ලොක්කන්ට අමාරු ලෙඩ හැදෙන්නේ වැරදි වලට දඬුවම් ලැබෙන කොට විතරද? අනේ මෙහෙමත් රටක්...
අර හිරුනිකා පාර්ලිමේන්තුවේදී රට කරවන ලොක්ක පට්ට ගහමින් කරපු කතාවේදී කියපු විදිහට ඔය කියන හැමෝටම වඩා ලොක්කනේ පාස්කු ප්‍රහාරය ගැන කලින් ඉඳලම දැනගෙන ඉඳලා තියෙන්නේ.
දේශපාලුවෝ මේවට වගකිවයුතු නැද්ද මන් අහන්නේ.?
නඩු වැටුනම ලෙඩ වෙයි ...
ඉස්සෙල්ලාම නිතිය හා සාමය ඇමති අල්ලලා ඇතුලට දාන්න. එතකොට එයා කියයි ඇත්ත කතාව. මෙයා නේ වගකිව යුතු මෙයාගේ අවසරයක් නැතිව මොකුත් වෙන කාටවත් කරන්න බැහැනේ ඕකනේ ඇත්ත කතාව. ඇයි මේ වටයක් යන්නේ.
මේ තීරණේ ජනපති කොමිසම එන්න කලින්ම ජනපති කීවනේ දැන් පුදුම වෙන්න දෙයක් නැහැ කොහොම උනත් වැරදි කල කිසිකෙනෙකුට මොන තරම් බලය තිබුණත් වැඩි කල් සැගවෙන්න වෙන්නේ නැහැ පල දෙනවමයි අපි බලමු
පහත් තැනින් යයි ගලා ජලේ,
අනතුර දැක දැක නොසැලකිල්ලෙන් අහිංසක ජන ජීවිත බිල්ලට දී බලා සිටීම පිළිබඳව මේ දෙදෙනාටත් අනෙකුත් වගකිවයුත්තන්ටත් දඬුවම් කල යුතුයි. හැබැයි කනගාටුවට කරුණ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා ඍජුවම අනුබල දුන් බවට හොදින්ම ඔප්පු වී තිබෙන පාලකයන්ගේ අන්තවාදී සුරතලුන් නිදැල්ලේ යහතින් සිටීමයි. පාලකයන්ට මුදල් සපයා දෙන තැරවුකරුවන් වූවානම් මේ දෙදෙනාටත් ගැලවෙන්න තිබුනා.
බෝම්බ පුපුරව ගත්ත අය දැන් කන්‍යාවෝ එක්ක ඉන්නවලු. මේවා සැලසුම් කලයි සැක කරන දේසපාලුවෝ තවමත් එළියේ. මේවා පුපුරවන්න කලින් නිසි ක්‍රියා මාර්ග ගත් නැති දෙන්නෙක් දැන් අත් අඩංගුවේ.
එතකොට මාස 6 තිස්සේ ආරක්ෂක මණ්ඩලය කැදවල බුද්දි අංශ තොරතුරු වලට වැඩ කරපු නැති අය ගැන කිසී ප්‍රශ්නයක් නැද්ද
රජයේ ඉහළම තනතුරු වලට පඹයන් දැමීමේ ප්‍රතිඵලය කාටත් දැන් පෙනෙනවා. අඩුම තරමින් තමන්ගේ වගකීම් පැහැර හැරිය බවවත් මොවුන් දෙදෙනා නොදන්නා බව ඔවුන්ම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටිනවා. ගුවන් යානයක් එළවන්න බස් ඩ්‍රැයිවර් කෙනෙක් හරි පත් කරන්න මේ ආණ්ඩුව පසු බටවෙන්නේ නැහැ. කොළඹ නගරාධිපති තනතුරටත් එවැනි නුසුදුසු පුද්ගලයෙකු කාලයකට ඉහත පත් කරා මට මතකයි. එහිදී බැරිම තැන එම පුද්ගලයා ඉවත් කර කොමසාරිස් වරයෙකු යටතට පාලනය දීමට සිදුවුනා.
මිටි තැනින් බැස යයි ගලා ජලේ ..
මේ දෙන්නා ටික දවසක් ඇතුලේ.. සැබෑ චූදිතයා එයාගේ එල්ලුම්ගහ හරිගස්සන ගමන්..
ප්‍රහාරයට වගකියන්න ඕනේ ලොක්කයි ඒක දැනගෙනයි පිටරට ගියේ . අපි ඉල්ලා සිටිනවා තේරීම් කාරක සභාවට ලොක්කව කැඳවන්න කියලා .