IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හේමසිරි-පූජිත්ගේ ඇප අයැදුම් දෙසැ. 17 කැදවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයැදුම් දෙක දෙසැම්බර් 17 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් කැදවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරුවරු මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළහ.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවටද අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට ද වෙන වෙනම ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම් දෙක සළකා බැලීමෙන් පසුව එලෙස නියම කෙරිණි.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින වැඩබලන පොලිස්පතිවරයාට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට, එහි වාණිජ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතීපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස නොතිසි නිකුත් කෙරිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවාය.

කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

එම ඇප ඇයැදුම්පත් සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරු මෙම ඇප ඇයැදුම්පත් ලබන මස 17 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.



අදහස් (0)

හේමසිරි-පූජිත්ගේ ඇප අයැදුම් දෙසැ. 17 කැදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site