පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය, ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද ( 20) කීවේය.
යම් ලෙසකින් ඉදිරියේදී තමාට කොමිසම හමුවේ පෙනී සිටිමට අවස්ථාවක් ලැබුණහොත් සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලිකිරීමක් සිදු කිරීමට තමන් සූදානම් බවදඑම නිවේදනයේ දක්වා ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය ඒකකයෙන් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.