
(යොහාන් භාසුර)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ චීනයේ ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම ආයෝජන ගිවිසුමකට චීනයේ ෆුජියන්හිදී පසුගියදා අස්සන් තැබීය.
මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කර්මාන්ත ගම්මාන තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිතය.
ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස්, මෝටර් කෝච් සහ වෑන් රථ නිෂ්පාදනය කරන චීනයේ ප්‍රධානම වාහන නිෂ්පාදනය කරන සමාගම් දහයෙන් එකක් වන අතර එම සමාගම ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවකට වාහන සපයයි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ සහ හම්බන්තොට වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ආයෝඡන ප්‍රවර්ධන කණ්ඩායමේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත මෙම ආයෝජනය නිර්මාණය වී තිබේ.
COMMENTS
කොහොමද අපේ සර්ගේ වැඩ ?දැන් ඉතින් අපිටත් අලුත් වාහනයක් ගන්න පුළුවන් වෙයි
කොහොමද වැඩේ ජපන් වාහන ගෙන්වන එක නැවැත්තුවා .පස්සේ ලංකාවේ හැදුවේ කියලා චීන වාහන ප්‍රමෝට් කළා දැන් චීන කර්මාන්ත ශාලාවක් දැම්මා
කොහොම හරි කමක් නෑ අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න අවස්ථාව උදා වෙනවනම්
ඔන්න බළලා පැනපි මල්ලෙන් එළියට.ඒක තමයි මේ වාහන ගෙන්වීම නැවතුනේ.අම්මපා සුපිරි ප්ලෑන්. සුපිරි මොළ ... පසුගිය කාලයේ තේ දළු අදින්න දෙනියාය මොරවක පැත්තේ සමහර දෙනා චීන ට්‍රක් රථ මිලට ගෙන තිබුණා. බර පටවා කඳු අදින විට පිටිපස්සෙන් මිනිස්සුත් තල්ලු කරන්න ඕනෑ.ඒ තරම් ඉහළ තාක්ෂණයක් තමයි ඒ වාහන වලට තිබුණේ.කොහොමත් ජපන්,ඇමෙරිකන් ආදී රටවල් වල වාහන ළඟින්වත් චීන බාල වාහන තියන්නට බැහැ.ඉන්දියන් වාහනත් චීන වාහන වලට වඩා තාක්ෂණයෙන් ඉතා උසස්.
අනේ මේ කුණු ගොඩවල් ගන්න අපට පිස්සු නැහැ
හොඳයි සේරම හම්බන්තොටට
ඉන්දියන් කසිකබල් ජරා වාහන වලට වඩා චීන වාහන හොඳ ඇති.
වාහන එකලස් කලාට මෙහෙ විකුනන්නම ඕන නෑ. ඒක කස්ටමර්ගෙ කැමැත්ත. අයෝජන මුදල කොපමනද? රැකියා කීයක් බිහිවෙනවද? ඒවා කාටද? චීන්නුද? දේශීයද? තාක්ෂණ හුවමාරුවක් සහ පුහුණුවක් එහෙම දේශීය කම්කරුවන්ට ලැබෙනවද? වක්‍ර රැකියා කීයක් හැදෙනවද?
මේ ගිවිසුම අත්සන් කරන්නේ චීන්නු දෙන්නෙක්නේ. ලංකාව අයිති චීන්නුන්ට කියලා මේකෙන් ඔප්පු වෙනවනේ.
මේගොල්ලෝ කාර් හදන්නේ නැහැ, බස්, වෑන් විතරයි.