සනත් ගමගේ
රටේ පවතින අර්බූදය හමුවේ හම්බන්තොට මහ නගර සභාවේ මාසික රැස්වීමද (07) උණුසුම් මුහුණුවරක් ගත්තේය.
හම්බන්තොට මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු කලු පටි පැලඳ සභාවට පැමිණියහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පලකලහ.
තම ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපති වරයා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව අගමැතිවරයෙකු පත් කිරීමට හම්බන්තොට මහ නගර සභාවේ විපක්ෂය වශයෙන් යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක ඩී.ඒ ගාමිණි මහතා කීය. මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමත් සමඟම එම යෝජනාවට විරුද්ධව අදහස් පල කළ යූ.කේ.ඒ දිසානායක මහතා (පො.ජ.පෙ) කියා සිටියේ ජනාධිපති වරයා ඝාතනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සැලසුම් කරන විට නායකත්වය භාරගන්න එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායයෙක් ඉදිරිපත් නොවන විට ශක්තිමත් පුද්ගලයා ලෙස මහින්ද රාපක්ෂ මහතාට අගමැති ධූරය භාරදී ඇත්තේ ව්‍යවස්ථාවේ ඇති බලතල මත බවයි.
දොපාර්ශ්යේ උණුසුම් ලෙස වචන හුවමාරු සිදු වූ අතර හමබන්තොට මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එකම මන්ත්‍රී වරයා වූ චන්ද්‍රසිරි ගමනායක මහතා නිහඬව සිටියේය. ඔහු කළු පටි පැලඳ සිටියේ ද නැත.
නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ අද මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමා ගත් තීරණය හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීමට මීට මාස හයකට පෙර හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ගත් හෙයින් අද වන විට හම්බන්තොට මහ නගර සභාවත් රටේ දේශපාලනයත් එකට ගමන් කරන බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හම්බන්තොට නගර සභාවත් උණුසුම් වෙයි