(රංජිත් කරුණාවීර)
රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයෙකු සතුව තිබී හමුදා නිල ඇඳුම් දෙකක් අත්අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසයි.
ඔහු සතුව තිබී හමුදා රාත්‍රී රාජකාරි කටයුතු කරන කළු පැහැති සම්පූර්ණ නිල ඇඳුමක්, කලිසමක් හා හමුදා කැමා ඇඳුම් කට්ටලයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් නිලධාරියා 39 හැවිරිදි බදුල්ල, වෙලේගෙදර ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි.
සැකකරුගේ නේවාසිකාගාරයේ බෑගයක තිබී මෙම හමුදා යුද ඇඳුම් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකටයුතු ක්‍රියාවක් සඳහා මෙම ඇඳුම් යොදගත්තේද යන්න සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශන පවත්වයි.
අත්අඩංගුට ගත් පුද්ගලයා හා හමුදා නිල ඇඳුම් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම තැනින්ම යහපාලනය දොරේ ගලනවා