IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘

(ආරියරත්න රණබාහු)

හමුදාව නීතියට පුරුදු පුහුණු වූ අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නීතියට හුරුවීමට වසර 25 ක හෝ 30 ක කාලයක් ගතවිය හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (21) පැවසීය.

වසර දෙදහස් ගණනක විශිෂ්ඨ බෞද්ධ සංස්කෘතියක් උරුමයට අනුව හැඩ ගැසුණු ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාව පකිස්ථානයක් නොවන බව පැවසූ ඇමැතිවරයා ඒ අනුව ලක්වාසී සියලු ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ද හෙතෙම කීය.

ආගම්වාදී ජාතිවාදී නොවන එක්සත් ජාතික පක්ෂයේ මෙරට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලුම ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විදිමින් නිදහසේ ජිවත්වීමට ඉඩකඩ සලසා දී ඇති බවද ඇමතිවරයා කීය.

ඒ අනුව මෙතෙක් දිනා ඇති එම නිදහස යළි වැළලීමට ඉඩ නොදිය යුතු බව කී ඇමැතිවරයා නැවත මේ රට පරිහානියට ඇද දැමීමට කටයුතු නොකර සිටීමට සියලු රාජ්‍ය සේවකයින් ඇතුළු සෑම දෙනාම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මෙම අදහස් පළකරනු ලැබුවේ අද (210 පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (0)

‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site