(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව සිට කල්මුණේ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ යුද හමුදා ජීප් රථයක් නින්දවූර් අල්ලිමුල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීම නිසා ජීප් රථයේ ගමන් ගත් හමුදා භටයින් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි සමන්තුරේ පොලිසිය කියයි.
තුවාල ලැබූ හමුදා භටයින් නින්දවූර් රෝහලට, කල්මුණේ අශ්රප් අනුස්මරණ රෝහලටද , අම්පාර මහ රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ.
ජීප් රථය ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගය හරහා ගිය ගවයින් බේරීම සඳහා තිරිංග පෑගීමේදී ජීප් රථය පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව සමන්තුරේ පොලිසිය කියයි.



COMMENTS
කොහොමත් මේ අය ඔහොම තමයි.
අපරික්ෂාකාරීව රිය පදවමින් රජයේ දේපළ සහ හමුදා භටයින්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත විනාශ කරන අවිනීත හමුදා රියැදුරන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් හමුදාවෙන් නෙරපා විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද අහෝසිකර, සිදුවුණු විනාශයෙන් කොටසක් වන්දි ලෙස ඔවුන්ගෙන් ලබාගත යුතුයි.
පරණ ඩිෆෙන්ඩර් කබලක්, ලොව අනාරක්ෂිතම වාහනයක්... ඕවායේ අඩුගණනේ ABS තිරිංගවත් නැහැ..
මමත් පාරේ වාහන පදවාගෙන යනවිට පාර හරහා ඕනේ තරම් ගවයෝ, බල්ලෝ, බල්ලලු පනිනවා. මමත් තිරිංග තද කරනවා. නමුත් මම පදවපු වාහන මේ විදිහට පාරෙන් ඉවතට පැන පෙරලුනේ නැත. මෙතන තිබෙන ප්‍රශ්නය මේ වගේ කාර්පට් කරපු කෙලින් තිබෙන මාර්ගයක වාහනය පෙරලෙන්නට නම් ගමන් ගත්ත වේගය අවම වශයෙන් පැයට කිලෝමීටර් 80කට වැඩි වෙන්න ඕනේ.. අනිවාර්යයෙන්ම මෙතන මාර්ග නීති උල්ලංඝනය වීමක් සිදුවෙලා තිබෙන බව පෙනීයනවා. අනිත් එක මෙම වාහනය ඉන්දියාවේ නිපදවපු බෙලෙක් පෙට්ටියක් වැනි වාහනයක් නොවේ. සාමාන්‍ය වේගයකින් ගොස් තිරිංග තද කළාම මේවා මේ විදියට පාරෙන් ඉවතට පැනලා පෙරලෙන්නේ නැත.