(සමන් පාලිත නානායක්කාර) 
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය.
ඉවත් කළ පවුල් 16 ක සාමාජිකයින් 70ක් හපුතලේ දඹේතැන්න අංක 3 දෙමළ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇතැයි ද ඒ මහතා කීය.
කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම මෙම නාය යාමට හේතුව බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරියෙක් පැවැසීය.
අවශ්‍ය සහන ලබාදීමට සහ ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.