නැගෙනහිර සිරියාවේ ආධාරක භට පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල කළ හඳුනා නොගත් ගුවන් ප්‍රහාරයකින් ඉරාකයේ ශෂාඩ් අල්-සහාබි ආධාරක හමුදාවේ සාමාජිකයන් 8 දෙනකු මියගොස් තිබේ.
සිරියාවේ අල්බූ කමල් නම් ප්‍රදේශයේ ඇති වාහන සහ ප්‍රධාන ආයුධ ගබාඩවක් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ගුවන් යානයකින් මෙම ප්‍රහාරය කර ඇතැයි සිරියානු මානව හිමිකම් නිරික්ෂණ ප්‍රධානී රාමී අබ්දෙල් රහමාන් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සිරියාවේ සහ ඉරාකයේ සිටින ඇමරිකානු සහාය හමුදා ප්‍රකාශකයන් කිවේ එවන් ප්‍රහාරයක් ක්‍රියාත්මක නොකළ බවයි.
එහෙත් ඉරානයට සහාය දක්වන හමුදා කණ්ඩායම් ඉලක්ක කරමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව අල්බු කමල් ප්‍ර දේශයේ වැසියන් පවසා තිබේ.
පසුගිය වසර අගදී එක්සත් ජනපද ආධාරක හමුදා වලින් කළ ප්‍රහාර හේතුවෙන් ශෂාඩ් අල්-සහාබි ආධාරක හමුදාවේ සාමාජිකයන් 25 දෙනකු මියගොස් තිබේ. ඔවුන් ඉරානයට ඉතාමත් ලැදි හමුදා කණ්ඩායම් ලෙසින් සැලකේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.