
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කරගන්නා ඉල්ලුම්කරුවන් සඳහා පමණක් ලබන 25 වැනිදා සිට ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් පමණක් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ජාතික හැදුනුම්පත් ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු වී දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් වියානි ගුණතිලක මහතා කීය.
වෙන්කරගත් නියමිත දිනට දෙපාර්තමේන්තුවට පැමිණීමට අපොහොසත් වන ඉල්ලුම්කරුවන් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු වී වෙනත් දිනයක් ලබාගත යුතු බව කී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සාමාන්‍ය සේවා හැදුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට ද නියමිත දිනයේ පැමිණ හැදුනුම්පත ලබාගත හැකි බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''සර්'', ජාතික හැඳුනුම්පත්වලට කලියෙන් අපිට පාස්පෝර්ට් හදලා දෙන්න.. පින්. ඉක්මණටම.. යන්න වුවමනායි... සර්..