(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගරයේ  අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම  පොලිසිය පවසයි.

මහරගම පිළියන්දල පාරේ අවන්හලකට රාත්‍රී ආහාර ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනකු  ආහාරය සඳහා කුකුල් මස් ඇනවුම් කර තිබේ .
එහිදී අත්වැරදීමකින් කුකුල් මස් වෙනුවට ඌරු මස් ලබාදීම සම්බන්ධයෙන් අවන්හලේ කාන්තාවක් සමඟ එහි සිටි පුද්ගලයකු බහින්බස් වීමක් හටගෙන ඇතැයි පැවසේ

පසුව එය දුරදිග ගොස් ඇති අතර එහිදී අවන්හලේ රැඳී සිටි පුද්ගලයන් පිරිසක් ඊට මැදිහත් වීම හේතුවෙන් දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ද සිදු ව තිබේ .

එහිදී පොලු මුගුරුවලින් පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ  පුද්ගලයන් දෙදෙනකු මෙසේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ .

පහර දුන් බව පැවසෙන පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්  අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහරගම පොලීසිය පවසයි .