''හදට හදක්'' භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සදහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් මෙය පිහිටුවා ඇත.
ශ්‍රී ලංකාව හෘදරෝග අවම රටක් බවට පත්කිරීම මෙම අරමුදලේ අරමුණ වන අතර හෘද රෝග චිකිත්සක සේවාව වැඩිදියුණුකර එහි ගුණාත්මක බව ඉහළ නැංවීම තවත් අරමුණකි.
හදට හදක් අරමුදල පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ඛෙහෙවින් උපකාරී වන අතර මෙම අරමුදලේ ආධාර හෘද රෝගින්ට ලබාගැනීම අයදුම් කිරීමේ පහසුකමද ඉදිරියේදී මෙම වෙබ් අඩවිය මගින් සැලසෙනු ඇත.
හදට හදක් ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත භාරදීම සිදු විය.
වෛද්‍ය අතුල කහඳලියනගේ, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන්ද, හදට හදක් භාරකාර අරමුදලේ ජාතික සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ එච්.එම්.බී. වික්‍රමනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන් ද, විද්වතුන්, කලාකරුවන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




( ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය )
(36698)
COMMENTS
ඉතාමත්ම හොඳ වැඩක් වගේම මාහැඟි පින්කමක්. අප කව්රුත් මැරෙන මිනිස්සු. තවත් කෙනෙකු ජීවත් කරවීමම උතුම් ක්‍රියාවක්. ජනපති තුමා ඇතුළු මේ සත්ක්‍රියාවට උරදුන් සැමට අපගේ ප්‍රණාමය.!!!
කතිර කලබලේට කළත් ඉතාම ප්‍රශංසනීය වෑයමක් මේක. හදවත් සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දැනටමත් ප්‍රමාණවත් ආධාර ලබා දෙනවැයි කියල මං හිතනවා. මෙම ආධාර සපයන ක්‍රමවේදය වෙනත් බරපතළ රෝග සඳහාත් ව්‍යාප්ත කළ හැකිනම් වඩාත් හොඳයි.
හදවතක් නැති අර්ජුන් අැලෝසියස් වගේ අයට නම් ප්‍රතිකාර කරන්න එපා...
ඉතාම හොඳ වැඩක්... මෙය ඉදිරියටම ගෙනයාමට සියලුදෙනාම උදව් කළයුතු වෙනවා .