(බිඟුන් මේනක ගමගේ)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත වසන්ත සමරසිංහ මහතා 'ලංකාදීප'යට අද(15) පැවැසීය.
ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මහජන මුදල් තවත් වටයකින් විනාශ කිරීමක් යැයි ද හඬපට යූ ටියුබ් චැනලයක් ඔස්සේ විකාශය කිරීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයා ගත හැකි යැයි ද සමරසිංහ මහතා කීය .
රාමනායක මන්ත්‍රීවරයාගේ යැයි කියන හඬ පට මේ වන විට දෛනික සංස්කෘතික ආහාර වේල බවට පත්ව ඇතැයි කී හෙතෙම ආණ්ඩුව ඒවා පාවිච්චි කරගෙන රටේ දැවෙන ප්‍රශ්න සියල්ල යටපත් කිරීමට උත්සාහ කරන්නේ යැයි ද යැයි ද චෝදනා කළේය.
බැඳුම්කර ගනුදෙනුව ගැන රාජපක්ෂ යුගයේ වංචා දූෂණ ගැන වික්‍රමසිංහ පාලනයේ වංචා දූෂණ ගැන ආදී වශයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පමණක් ජනාධිපති කොමිසම් ගණනාවක්ම පත් කළ ද ඒ කිසිවක් මේ වන තුරුත් තීරණාත්මක අවසානයක් කරා ගොස් නැතැයි සමරසිංහ මහතා අවධාරණය කර කී ය.
එවැනි තත්වයක් තුල හඬ හත්වයක් තුළ හඬපට සිදුවීමක් සම්බන්ධයෙන් ද අලුතෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම ඇස්බැන්දුමක් පමණක් වනු ඇතැයි ද ඇතැයි ද සමරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඔන්න කිව්වා ගොන් කතාවක්. තියෙන දේත් නැතිකර ගන්නයි යන්නේ!
අපුරු අදහස්. ඉතිරි සියයට තුනත් නැති කරගන්න පුළුවන් වෙයි.
හොරාට කලින් කෙසෙල් කැන පනිනවාද මන්දා....?
ජිප්පෝ ගෙනාවොත් ඔය වගේ යෝජනාවක් තමයි. නරකද බමුණුආරච්චි කීවා වගේ හඬපට කොපි ගහලා පිටකොටුවේ පේමන්ට් එකේ වික්කාම... එතකොට රනිල්ගේ වයිෆයි නොලැබුණු අයටත් රන්ජන්ගේ රස කතා අහන්න පුළුවන් අාදායමක් ගන්නත් පුළුවන්... රන්ජන් හිරුණිකා කතාව වැඩි ගණනකට විකුණන්න පුළුවන්...
මේ වගේ කමකට නැති දේවල් ප්‍රචාරය කිරීමෙන් රටේ දැවෙන ප්‍රශ්න යටපත් කරන්න ජවිපෙට තියෙන වුවමනාව මොකක්ද?
ජෙප්පන්ගේ කියමන්වල අගය 3% ඒ නිසා ක්‍රියාත්මක නොවේ.
දවසකට හඬපට 20 බැගින් දැම්මත් ගොඩක් කාලයක් මේ හඬපට දාන්න පුලුවන්. ඇත්තටම ඒක කදිම අදහසක්. සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ තැන්පත් ඉරාජ් වීරරත්න මහතාට දුන්නා නම් එයා හරි ලස්සනට වෙබ් එකක් හදලා.. මේ වැඩෙන් රජයට ආදායමක් උපයලා දෙයි.
මේවා ඇසීමෙන් කිසි කෙනෙකුට ඵලක් නැත...
මට මේ හඩ පට දෙකතුනක් අහන්න ලැබුනා. නමුත් රන්ජන්ව නෙමෙයි වෙන අයව නම් හිර භාරයට ගන්න තරම් කරුණු තියෙනවා කියල තමයි හිතුනේ. ඒකද දන්නේ නැහැ කට්ටිය මෙච්චර කුලප්පු වෙලා නටන්නේ. අනිත් එක නඩු භාණ්ඩයක් වෙච්ච දෙයක් මෙහෙම ප්‍රසිද්ධියේ ලොතරැයි කුඩුවේ සින්දු වගේ ප්‍රචාරය වෙනවා නම් මොකක් හරි ලොකු වැරද්දක් තියෙනවා වගේ. ඇත්තටම දැන් මේක නිතියට භාර දීලා අපි රටේ වෙන දේවල් දිහා බලන්න ගත්තොත් නරකද ?
මරු තමයි. දෙබස් " වැඩිහිටියන්ට පමණයි" ඒවා ටික මුලින් ම දාන්න.
ජවිපෙ දැන්වත් මහපොළොවට බැහැලා දේශපාලනය කරන්න පටන්ගන්න. තමන් මහා පණ්ඩිත උත්තමයින් කියලා හිතාගෙන ජනතාවට මෝඩයින් කියලා අපහාස කරන අයට කිසිම කෙනෙක් කැමති නෑ. ජවිපෙ ලොක්කන් එහෙම නොකළාට පාක්ෂිකයින් කරන්නෙම ඒකයි. පුද්ගල චරිතවල ඊගෝ සන්තර්පණයට ජවිපෙ වේදිකාවක් කරගන්න එක වහාම නතර කරලා පොදු ජනතාවගේ මනසට අමතන්න.
ජවිපයට කියන ඒවා අහන්න වැය කරන කාලයත් අපරාදේ. සියයට තුනෙන් ජනතාව දුන් පණිවිඩය වැටහී නැති හැඩයි.