IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘‘හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරනවා‘‘

(සිරංගිකා ලොකුකරවිට)

රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න මහතා අද (03) ගාල්ලේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ ජනහඬ රැළියේ දී අදහස් දක්වමිනි.

එහි දී රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.

     ‘‘උසාවිය දැන් තීරණය කරලා තියෙනවා සිරිසේනගේ මරා නෑ. සිරා විතරයි. දැන් අපි එනවා රජ ගෙදරට. අපේ අගමැතිතුමයි අපියි වැඩේ බාරගන්නවා. හෙට උදේ අපි යනවා අමාත්‍යාංශවලට, උසාවියත් අවසර දීලා, පාර්ලිමේන්තුවත් අවසර දීලා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට අගමැතිකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් තහනම් කරලා ආණ්ඩුවක් ගෙදර යවපු පළමුවෙනි වතාව.

කොහොමද සිරිසේනගේ වැඩේ. දැන් මමයි බැනුම් අහන්නේ. දැන් ජනමාධ්‍යයට කියනවා දැන්වත් පිටකොන්ද ගන්න. දැන්වත් කියන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කියලා මහින්ද රාජපක්ෂට දැන් අගමැතිකම් නෑ. සත්‍යය ජයගන්නවා. මේ අපේ මාතෘ භූමිය. මේකේ සෙල්ලම් දාන්න බැහැ. තවත් සෙල්ලම් කරන්න ආවොත් අපි යනවා ජනාධිපති කාර්යාලයත් වටලනවා. අපි ලෑස්තියි ඕන ජාතියකට.‘‘ යැයි සේනාරත්න මහතා පැවැසීය.



අදහස් (13)

‘‘හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරනවා‘‘

Saththaya Monday, 03 December 2018 04:08 PM

බලාගෙන , ඊළගට මොනා කරයිද දන්නේ නැහැ.

:       0       4

indra Monday, 03 December 2018 05:14 PM

ඔබලාට අවශ්‍ය රට බෙදා දී බලය ගන්න නේද? රටට ආදරේ නම් දැන්වත් ජනතා මතය විමසන්න ,කිසිම කෙනෙකුට රට ඉදිරියට ගෙන යාමට මහජනයාගෙන් අවසර නෑ, දැන්නම් ජනතාව ඉවසා හිටියා ඇති මේ සිංහල රට රැක ගන්න. සිංහලයෙනි එකතු වෙන්න.

:       4       54

Bamunuarachchi Monday, 03 December 2018 10:21 PM

ඔබට වැරදිලා ඔය ජයගත්තේ සත්‍ය නොවෙයි. මහජන ඡන්දයක් පවත්වපු දිනක සත්‍ය ජය ගන්නා බව දැනගන්න.

:       19       508

මුණසිංහ Tuesday, 04 December 2018 01:43 AM

නිකං ඉන්‍ෙ දොස්තර මහත්තයෝ. බල තණ්හාවට රටම විනාස කරනව බොරු කිය කියා. ඕවට දැන් මිනිස්සු රැවටෙන්නෙ නැහැ. ඊලග ඡන්දෙ ඉක්මනට තියන්න. ඇයි ඒකට බය?

:       226       620

Rohana Tuesday, 04 December 2018 03:08 AM

ජනාධිපතිතුමනි, මොනවද මේ කරන වැඩ? අඩුම වශයෙන් ආණ්ඩුවක් තිබිය යුතුයි නේද?

:       101       82

ramendra Tuesday, 04 December 2018 06:17 AM

කාව වෙනස් කරත් ටෙලිකොම් එකේ සභාපති වෙනස් කරන්න බැහැ, ටෙලිකොම් එක දෑවැද්දට දීපු පගාවක් ලොක්කන්ට මේ රටේ පත්වන ආණ්ඩුවල.

:       0       33

Nuwan Tuesday, 04 December 2018 06:40 AM

අනේ මොනවද දන්නේ නැහැ කරන රාජකාරි? ඔයාලා 225 හරියට රාජකාරී කලානම් මේ රට සුරපුරයක් වෙන්න තිබුනේ 1948 වර්ෂයේ.

:       0       254

sandy123 Tuesday, 04 December 2018 07:05 AM

ඒ කියන්නේ මේ කටිටිය මහජන ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රී වරු නෙමෙයිද? මෝඩ කතා කියන්න එපා. මම හිතන්නේ ඔබතුමා දාල තියෙන්නේ තඩි බෝතල් කණ්නාඩියක්. ඒකයි අයින් කරන්න අමාරු.

:       0       49

daya Tuesday, 04 December 2018 07:29 AM

මහත්තයෝ බහුතර මහජනතාව මෝඩයෝ නොවෙයි. ඔය කතා නිකං පල්හෑලි විතරයි.

:       1       72

sandy123 Tuesday, 04 December 2018 07:53 AM

සමාවෙන්න..... 16 කණ්ඩායමේ ගොඩක් අය ඡන්දයෙන් පත් වෙච්ච අය නෙමෙයිනේ.

:       0       2

Nuwan Tuesday, 04 December 2018 08:11 AM

එයාට තාවකාලිකව හිටෙව්වා ට අරයට එන්න බෑ.

:       1       0

lak Tuesday, 04 December 2018 08:22 AM

මෙයා බයේ දගලනවා

:       0       10

rohana kumara mendis Wednesday, 05 December 2018 05:29 AM

හිතට දුකයි නේද.කඩේ ගියාද වැඩක් නැ.ඡන්දෙන් පරාදයි. පාර්ලිමේන්තුවෙන් වැඩි ඡන්දෙන් පරාදයි උසාවියෙනුත් පරාදයි. ආයේ ඡන්දයක් තිබ්බොත් අැපත් නැ කට්ටියටම.

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site