IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


හෙට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500 ක්

( තිළිණි ද සිල්වා )


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (04) කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


මෙම ජන උද්ඝෝෂණයට සැපයෙන පොලිස් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.


ඒ අනුව එම උද්ඝෝෂණය පැවැත්වෙන පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන දියත උයන , පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා  පොලිස් නිලධාරීන් 1200ක් ද , රථ වාහන හැසිරවීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 300 ක්ද යෙදෙවෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


එසේම මෙම උදඝෝෂණයට  ඉතා විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද ඊට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවද පොලිස් අධිකාරි රුවන් මහතා කීය.



අදහස් (2)

හෙට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500 ක්

sirimal Sunday, 04 November 2018 01:01 PM

ජන බලයට එන කට්ටියගේ හැසිරීම ගැන විශ්වාසයක් නැද්ද?

:       0       0

Romesh Monday, 05 November 2018 01:18 AM

දේශපාලනය අමතර වෙන කිසිම දෙයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1988 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site