( තිළිණි ද සිල්වා )
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (04) කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙම ජන උද්ඝෝෂණයට සැපයෙන පොලිස් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
ඒ අනුව එම උද්ඝෝෂණය පැවැත්වෙන පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන දියත උයන , පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද , රථ වාහන හැසිරවීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 300 ක්ද යෙදෙවෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
එසේම මෙම උදඝෝෂණයට ඉතා විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද ඊට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවද පොලිස් අධිකාරි රුවන් මහතා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හෙට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500 ක්
sirimal Sunday, 04 November 2018 01:01 PM
ජන බලයට එන කට්ටියගේ හැසිරීම ගැන විශ්වාසයක් නැද්ද?
Romesh Monday, 05 November 2018 01:18 AM
දේශපාලනය අමතර වෙන කිසිම දෙයක් නැහැ