IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු මහ ඇමැතිට එරෙහි පැමිණිල්ල 23 විභාගයට


 
 
 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
 
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (21) නියම කළේය.

එම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ ඊයේ කැඳවනු ලැබූ අතර එහිදී අදාළ පැමිණිල්ල එදිනට කැඳවා එය විභාගයට ගැනීම පිළිබඳ සළකා බලන බව සඳහන් කළේය.

උතුරු පළාත් මහ ඇමැතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමැතිට එරෙහිව  ඉකුත් වසරේ ජුනි 29 වැනි දා අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත්,   ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සළකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට  අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා ඉකුත් අගෝස්තු 08 වැනිදා නොතීසි නිකුත් කෙරිණි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා  අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. 

උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව අධිකරණ අපහාස පැමිණිල්ල පවත්වාගෙන යෑමට අධිකරණයට බලයක් නැතැයි සඳහන් කරමින්  ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉකුත් 13 වැනිදා අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

උතුරු පළාත් මහ ඇමැති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කන ඊශ්වරන් ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා ද පෙනී සිටියහ.



අදහස් (0)

හිටපු මහ ඇමැතිට එරෙහි පැමිණිල්ල 23 විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28507 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10991 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site