
(පැතුම් දර්ශන)
හොරොව්පොතාන පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ ජලයෙන් යටවන ප්‍රදේශවල මීට පෙර කැනීම් කළ වැලි වලවල් වැසීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබාදුන් බලපත්‍රයක් ළඟ තබාගෙන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු මෙහෙයවන ලද මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට ත්‍රිකුණාමලය සහ කැබිතිගොල්ලෑව යන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීහු අද (4) සමත්වුහ.
ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම වැටලීමේදී සැකකරුවන් පස් දෙනෙකු සමඟ වැලි හෑරීමට සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ බැකො යන්ත්‍ර දෙකක්,ටිපර් රථ තුනක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
දීර්ඝ කාලයක සිට මොවුන් මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසූහ. තමන්ට පමණක් ලැබුණ විශේෂ බලපත්‍රයක් මත මෙම වැලි කැණීම් සිදුකරන බවට ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් නොමඟ යවා සැක නොසිතෙන පරිදි හිටපු සභාපතිවරයා මෙම ජාවාරම සුක්ෂම ලෙස මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
නිලධාරීන් එම ස්ථානයට යන විටත් නීතිවිරෝධීව ගොඩ දමා ගබඩා කර තිබූ වැලි තොගයක් හමු වී ඇති අතර එම වැලි ද පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
නීති විරෝධී කටයුතු වලට යොදා ගන්නා සියලුම දේවල් රාජසන්තක කරන්න නීති ගෙනත් මේ ජාතික අපරාධ නවත්වන්න.
ඔන්න ඔයවගේ වැඩ නිසයි අපි පළාත්සභා එපා කියන්නේ.