(නිමන්ති රණසිංහ)
හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ පරීක්ෂණය ලබන අප්‍රේල් මස 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (3) නියෝග කළේය.
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” යන අයට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, සිද්ධියේ පළමු සැකකරු වූ ලක්සිරි අමරසිංහ සහ දෙවැනි සැකකරු වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අයවලුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහි පළමු සැකකරුට රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත සහ මෙහි දෙවැනි සැකකරුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණී.
COMMENTS
2020 වෙනතුරු කල්දා ගන්න ඉතුරු හරිය අපි බලා ගන්නම්...
කල් ගිහිල්ල කල් ගිහිල්ලා නැති වෙලාම යයි.
ඔක්කොම හොරු, තම තමන්ගේ වාසියට මේ අය ඉන්න කං රට දියුණු වෙන්නෙ නැහැ.
මාගම්පුර වරායේදී පුවත්පත් වාර්තාකරුවෙකුට ගහපු එක යට ගැහුවද? මොකද වුනේ? රණවිරුවෝ කියලා නීතියේ වෙනසක් නැහැනේ...
මාගම්පුර වරායේදී පුවත්පත් වාර්තාකරුවෙකුට ගහපු එක හොඳයි. එයේ එයාලට වෙනම නීතියක් තියෙනවද? එතුමා කරපු දේ නිසා ලංකාවට වෙන්න ගිය අපකීර්තිය නැති වුණා.
නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ !