
(දසුන් රාජපක්ෂ)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන් රඳවා තබා ගැනීමට ලිඛිත අවසර ලබාගෙන ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (18) සඳහන් කළේය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන ඇති බව කොමිසමේ සභාපතිවරයා පැවසීය.
කොමිසමේ සභාපති වරයා මේ බව පවසා සිටියේ යුධ හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර රූපසේන මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.
එම පැමිණිල්ල මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන මාස තුනක් රහස් පොලිසිය භාරයේ තබාගෙන ඇත්තේ දේශපාලනිකව පළිගැනීමට බව රවීන්ද්‍ර රූපසේන මහතා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බබා, නොමඟ යන්න..
අහවලාගේ ගෙදර වළං සෝදන ගමන් මෙයාලාට වරප්‍රසාද දෙන්න කතාකරනවා.
ඕනෙ කෙහෙල් මලකට අපේ සාමාන්‍ය සේවකයන් තමයි වැරැදි... නායකයෝ හැම තිස්සේම නොමග යවනවා. ඇයි ඒ ගොල්ලෝ බබාලනේ නොමග යන්න. මේ කතා හොඳයි බයියන්ටම..