IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හිටපු ජනාධිපති නොමඟ යවන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරලා

 

(දසුන් රාජපක්ෂ)

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන් රඳවා තබා ගැනීමට ලිඛිත අවසර ලබාගෙන ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (18) සඳහන් කළේය.

 ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන ඇති බව කොමිසමේ සභාපතිවරයා පැවසීය.
 
කොමිසමේ සභාපති වරයා මේ බව පවසා සිටියේ යුධ හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර රූපසේන මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.
 
 එම පැමිණිල්ල මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන මාස තුනක් රහස් පොලිසිය භාරයේ තබාගෙන ඇත්තේ දේශපාලනිකව පළිගැනීමට බව  රවීන්ද්‍ර රූපසේන මහතා  සඳහන් කර ඇත.



අදහස් (6)

හිටපු ජනාධිපති නොමඟ යවන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරලා

Champa Friday, 18 September 2020 02:10 PM

අනේ බබා, නොමඟ යන්න..

:       2       51

BamunuarachchiFriday, 18 September 2020 03:42 PM

ඇයි එහෙම කියන්නේ? බොහොම ලේසියෙන් නොමග යවන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ එහෙම කෙනෙක්.

:       40       5

ChampaSaturday, 19 September 2020 11:00 AM

2015 ජනවාරි 8 ඉඳන් සිරිසේන කරපු කියපු දේවල් මතක නම් (මට නම් හොඳ මතකයක් තියෙනවා) ඕනෑම කෙනෙකුට තේරෙනවා සිරිසේන කියන්නේ එහෙම නොමඟ යවන්න පුළුවන් කෙනෙක් නෙමයි, හොඳ ගේම් කාරයෙක් කියලා. ඔහු මහින්දව බලයෙන් පහ කරන්න සැලසුම් කරලා තියෙන්නේ මහින්ද ඔහුට අගැමතිකම දීම ප්‍රතික්ෂේප කරපු දා ඉඳලා. ඔහු මහින්දව නොමඟ යවපු හැටි නම් ඉතිහාසගතයි. ඒ වගේම ඔහු රනිල්ව නොමඟ යවපු හැටිත් ඉතිහාසගතයි. සිරිසේන හැරෙන්නේ මොකටද කියලා ඒ දේ සිද්ධ වෙනකම්ම මේ දෙන්නම දැණන් හිටියේ නැහැ. හැබැයි සිරිසේන හොඳ නළුවෙක්.. දේශපාලන රංගනයට සම්මානයක් ලැබෙනවා නම් ලංකා ඉතිහාසයේ හොඳම දේශපාලන රංගනයට හිමි සම්මානය ලැබෙන්නේ සිරිසේනට...

:       0       57

Bamunuarachchi Friday, 18 September 2020 03:40 PM

අහවලාගේ ගෙදර වළං සෝදන ගමන් මෙයාලාට වරප්‍රසාද දෙන්න කතාකරනවා.

:       13       8

Rata Perata Saturday, 19 September 2020 07:38 AM

ඕනෙ කෙහෙල් මලකට අපේ සාමාන්‍ය සේවකයන් තමයි වැරැදි... නායකයෝ හැම තිස්සේම නොමග යවනවා. ඇයි ඒ ගොල්ලෝ බබාලනේ නොමග යන්න. මේ කතා හොඳයි බයියන්ටම..

:       0       86

RaveendraSaturday, 19 September 2020 10:11 AM

නොමග ගිහින් තියෙන්නේ වැරදි ආශ්‍රය නිසා කියලයි අපි නම් අහලා තියෙන්නේ.. අනේ අපොයි අපේ මේ සත්ගුණවත් නායකයින් ටික.. අවට ඉන්න නරකාදි හැත්ත නිසා නිකරුනේ මේ අහිංසකයින් ටික නරක් වෙලානේ.

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site