IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු ඇමැති බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගි වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍රලේඛන වලට  පටහැනිව රුපියල් ලක්‍ෂ 15 කට අධික මුදලක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලද බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (25) නඩු පවරනු ලැබීය.

විත්තිකාර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අදාළ වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා සහභාගී වීම වෙනුවෙන් සහ හෝටල් ගාස්තු ගෙවීම සඳහා ආයෝජන මණ්ඩල සභාපති හා අධක්ෂක ජනරාල්වරයා පෙළඹවීම මඟින් අල්ලස් පනතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

2006 ජුනි මස 21 වැනිදාත් 2006 ජුනි මස 23 වැනිදාත් අතර කාලයේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 4019 ක් රුපියල් 4,17,425/-ක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල් ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලද බවටද එම අවස්ථාවේදී රෝහිත බෝගොල්ලාගම මහතා ‘ලන්ඩන් නුවර පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේ’ නවාතැන් ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට  පටහැනිව බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ස්ටර්ලින් පවුම් 5878.49ක් රුපියල් 11,70,444/-ක් ගෙවීමට ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලද බවටද හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙන වෙනම චෝදනා නඟා ඇත.

විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 10 දෙනෙකු හා ලේඛන 15 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබු අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකුගේ අත්සන් නොමැති මෙම නඩුව පවරා ඇති බව කියමින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් හේතූවෙන් මෙම නඩුව ඉවත දැමීමට සිදුවු අතර පසුව එම සිද්ධිය පාදක කරගනිමින් අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම යළිත් වරක් මෙම නඩුව පවරනු ලැබිණි.          



අදහස් (1)

හිටපු ඇමැති බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි

Senevirathne Tuesday, 25 February 2020 01:54 PM

මේක මේ වතාවෙදිවත් කොටු කරාවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site