( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.
එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා සහ නීතිපති නම් කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් තුන් වැනි දා ජාතික එකමුතුව මගින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වැනි දා ද ඔහු මේ ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇති බවද පෙත්සම්වලට සඳහන් වෙයි.
එම ප්‍රකාශ තුළින් අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළකර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළේය.
හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුකම නිසා 'හෙල්පින් හම්බන්තොට' නඩුවෙන් මහින්ද බේරුවා කියන එකටත් නඩු දාන්න ඕනෑ. අගවිනිසුරු කෙනෙක් කොහොමද යාලුකමට තීරණ දෙන්නේ?
තමන් දුන්නු නඩුවක් කාලෙකට පස්සේ වැරදි තීරණයක් කියලා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලපු කෙනානේ මේ. දැන් ඉන්න නීතිපතිත් නීතිය නොදන්නවා බව අපි දැක්කේ ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුව දුන් නඩුවේ පළමු හා දෙවන නඩු දිනයේදීමයි..
දියණියගේ මරණය සම්බන්ධයෙන් මහින්දව බේරුවෙත් මෙයා තමයි... පිල් මාරු කරලා පනින එක සාධාරණීය කළෙත් මෙයා තමයි..
මොහු අග විනිසුරු වශයෙන් හිටපු කාලේ අධිකරණය බොහොම බාල්දුවට පත් කළා... "ගෙදර යන ගමන්" කරපුව මතක ඇතිනේ?
ඔය කියන තීන්දු තීරණ ගත්තේ පාර්ලිමේන්තුව පිටිපස්සේ නිල රථය තුළදී පමණක්ම බවත් ප්‍රකාශ නිකුත් කලේ විවිධ ස්ථාන වලදී බවත් පැහැදිලියි.
ඉතාම හොඳ වැඩක්... ලංකාවේ අධිකරණ හා නීති අපහරණය කොට දූෂණයට ලක් කල පුද්ගලයෙක්... මොහුගේ පැවති තනතුරු හා දැනුම ඔහුගේ පටු පරමාර්ථ වෙනුවෙන් ඉතා පහත් ලෙස භාවිතා කරයි.
කළ යුතුම කරුණක්... ඔබලාට අපේ ප්‍රණාමය !!!