හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒ මහතා රුචි පරිද්දෙන් පිළියෙළ කිරීම සඳහා පාකිස්තානයේ සියලු වෛද්‍ය පහසුකම් යෝග්‍ය ආකාරයෙන් යොදවන්නැයි පාකිස්තානු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පන්ජාබයේ ප්‍රධාන අමාත්‍ය උස්මාන් බස්දාර් මහතාට දැනුම් දී තිබේ.
‘නවාස් ෂරීෆ් මහතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සියලු වෛද්‍ය පහසුකම් ඔහුට යෝග්‍ය පරිද්දෙන් යොදවන්නැයි මම පන්ජාබයේ ඇමැතිට උපදෙස් ලබාදුන්නා’ යැයි පාකිස්තානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
පාකිස්තානු අගමැතිවරයා නවාස් ෂරීෆ් මහතාට යහපත් සෞඛ්‍යයක් ද පැතුවේය.
ඉකුත් සිකුරාදා දිනයේ මාර්යම් නවාස් ඇගේ පියා වූ හිටපු ජනපති නවාස් ෂරීෆ් මහතාට තදබල හෘදයාබාධයක් ඇති බව පැවසුවාය.
නවාස් ෂරීෆ් මහතා රෝහලකට යාමට එකඟ නොවීම හේතුවෙන් ඔහුගේ හෘදයාබාධ තත්ත්වය උත්සන්න වී ඇතැයි ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියාය.
සති කිහිපයක පටන් ෂරීෆ් මහතාගේ පවුලේ සාමාජිකයන් රෝහල් ගත වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද පාකිස්තානයේ තරීක්-ඊ-ඉන්සාෆ් ආණ්ඩුවේ අමානුෂික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ ජීවිත ආරක්ෂණ ඒකකයක් බන්ධනාගාරයේ ස්ථාපිත කරන ලෙසද මාර්යම් බන්ධනාගාර අධිකාරියෙන් ඉල්ලීමක්ද කළාය. ඇයගේ ඉල්ලීමෙන් දිනකට පසු පන්ජාබ අමාත්‍ය උස්මාන් බස්දාර්ගේ නියමය පරිදි ලාහෝරයේ පිහිටි කොත් ලක්පත් බන්ධනාගාරයට ජංගම වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හරින ලදී.
නවාස් ෂරීෆ් මහතාගේ සොහොයුරකු වන පාකිස්තානු මුස්ලිම් ලීගයේ සභාපති ෂේබාස් ෂරීෆ් මහතා පැවසුවේ සිය සොහොයුරා හෘද රෝගය සම්බන්ධයෙන් අවදානම් මට්ටමේ සිටින බවත් වහාම ප්‍රතිකාර ඇරඹිය යුතු බවත්ය.
ඔහු මෙසේද පැවසීය.
‘නවාස් ෂරීෆ් පැවසුවේ වෛද්‍යවරුන් පැමිණියේ ඔහු සිටි තත්ත්වය නිරීක්ෂණය කිරීමට පමණක් බවයි. තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි ඔහු නියම නොකළ බව වෛද්‍යවරු පැවසුවා. ’
නවාස් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තානු ආණ්ඩුවේ ක්‍රියාකලාපය ශෝචනීය බව පවසමින් පාකිස්තානු ජාතික සභාවේ විපක්ෂ නායකවරයා ද අදහස් දැක්වීය.
එළඹෙන සඳුදා දිනයේ පාකිස්තානු ජනතා පක්ෂයේ සභාපති බිල්වාල් බූතෝ සර්දාරී මහතා හිටපු අගමැතිවරයාගේ සුවදුක් බැලීමට එම බන්ධනාගාරය වෙත යාමට නියමිතය.
(ඉන්ටනැෂනල් ද නිවුස් සහ ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් ඇසුරිනි)
16844

2025 දෙසැම්බර් මස 04
547
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු අගමැති නවාස් ශරීෆ්ට පහසුකම් සලසන්න ඉම්රාන්ගෙන් උපදෙස්
Hafeel Sunday, 10 March 2019 11:46 AM
එහේ බලයට ඇවිත් මාස 6ක් පමණයි. නීතිය අකුරටම ක්‍රියාත්මකයි එහේ. නමුත් මෙහේ බලයට පත්වෙලා අවුරුදු 4ටත් වැඩි. ජනාධිපති කියනවා ෆයිල් නැති කතාව. අගමැති දූෂිතයන් ආරක්ෂා කරමින්, 2020 ට ලෑස්ති වෙනවා.
smnSunday, 10 March 2019 04:56 PM
එහෙ නීතියක් තිබේ…. මෙහෙ නීතියත් එබේ.
BamunuarachchiMonday, 11 March 2019 01:33 AM
එහෙ රාජ්‍ය නායක කමට පත් උනේ නායක හැකියාවක් ලෝකයටම පෙන්වූ කෙනෙක්. මේ හේ නායක කමට පතුනේ "අනේ ජේ ආර් මල්ලී අපේ කොලුවාවටත් මන්තිරි කමක් දීපන්" කීව නිසා පැමිණි නායකයෝ. ඉතින් මෙහෙව් අයගෙන් රටක් හැදේවිද? නොද්දකින්!
Bamunuarachchi Monday, 11 March 2019 01:36 AM
"අගමැති දූෂිතයන් ආරක්ෂා කරමින්, 2020 ට ලෑස්ති වෙනවා." හලෝ මොන පැත්තෙන්ද කතා කොරන්නේ? ලොකුම දූෂිතය එයානේ. ලඟම තිබෙන බැංකු දූෂණයෙන් පටන් ගන්න කියන්න.