IMG-LOGO

හිජාස් පෙත්සම ඉල්ලා අස්කරගනී

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස  ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම අද (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි.
 
පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන  සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගැණිනි.
 
පෙත්සමෙන්  ඉල්ලා ඇති සහනයන්  ලැබීම  හේතුවෙන් පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබූ අතර ඒ අනුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
 
 
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබිණි .
 
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය.
 
එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
 
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුනි.
 
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි නම් කරනු ලැබ සිටිති.
 
එසේම තමා  තවදුරටත් රදවා තබා ගැනීමට අදාළව ඉකුත් ජනවාරි මස 11 වැනිදා ලබා ගන්නා ලද රැදවුම් නියෝගය බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.



අදහස් (1)

හිජාස් පෙත්සම ඉල්ලා අස්කරගනී

Nuwan Thursday, 25 February 2021 06:40 AM

පාස්කු වාර්තාවෙන් සහන මල්ලක් ලැබිලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site