IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිඟුරක්ගොඩ දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් ගසා කාලා

(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්  ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු  වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.
උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරාගේ නියමයෙන් උතුරු මැද පලාත් විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර මාස දෙකක් වැනි කෙටි කාලයකට අදාලව සිදුකල විමර්ශන වලදී ගෙවීම් කරන ලද චෙක් පත් දෙකකින් පමණක් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් මෙම නිලධාරියා  වංචාකර ඇතිබවට එම විගණනයේදී තොරතුරු අනාවරණයවී තිබේ.
මෙම නිලධාරියා 2017 වසරේ සිට 2021 වසරේ අප්‍රියෙල් මාසය අවසානය දක්වා හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙම විෂය බාරව අඛණ්ඩව රාජකාරී කර ඇති බව කියති.

පසුව පොලාන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබා ගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

 



අදහස් (5)

හිඟුරක්ගොඩ දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් ගසා කාලා

Perera Wednesday, 17 November 2021 10:19 AM

ඉහල පුටුවල වැජඹෙන අය ලොකු කුට්ටි කඩා ගන්නකොට පහල පුටුවල අයව හදන්නේ කොහොමද ?

:       0       4

SL Wednesday, 17 November 2021 11:42 AM

රටේ මහා එකාගේ සිට අන්තිම රාජ්‍ය සේවකයා දක්වා අති බහුතරය කප්පං කාරයෝ,පගා කාරයෝ ,කොමිස් කාරයෝ උනහම් රටක් හැදෙයි ද.

:       0       5

sharm warn Wednesday, 17 November 2021 11:49 AM

ඉහලින් ලැබෙන ආදර්ශ වලින් පහල අය හැදෙන්න එපැයි

:       0       4

kamal Wednesday, 17 November 2021 12:42 PM

මේ අපේ සර්ට මඩ ගහන්න කරපු වැඩක්.

:       0       3

ආසිරි Wednesday, 17 November 2021 02:28 PM

පෝෂණ මල්ලෙන් විතරක් නොවෙයි දුප්පත් දරුවන්ට පරිවාසයෙන් දෙන අධ්‍යාපන ආධාරයෙන් ගසාකෑ අයත් හිටියා කියලයි ආරංචි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 867 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site