(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
චෙන්නයි නුවර පැවැත්වෙන වැඩසටහනක ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ රවුෆ් හකීම් මහතා ස්ටාලින් මහතාගේ නිවසට ගොස් අද (10) ඔහු හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.
පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මහ මෙරටේ මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ඊයේ මෙරට පැය කිහිපයක සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුස්ලිම් දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා නොකිරීම පිළිබඳව කණගාටුවද පලකර ඇති රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ස්ටාලින් මහතාට ඇරයුමක්ද සිදුකර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේ සුළු ජාතීන් කටයුතු කරන ආකාරය ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආගම එක්කල සාකච්ඡා කරන්න ඇවිත් තිබුනේ නැහැනේ? බෝම්බෙට අහුවුණු නිසා කාදිනල්තුමත් එක්කලා පල්ලියට ගිහින් සෝකය ප්‍රකාශ කළා... ප්‍රධාන දේශපාලන නායකයින් හමු වුණා. තක්කඩියෙක් ත්‍රස්තවාදියෙක් අල්ලන්න සූදානම් වෙද්දී ඒ බෝට්ටුවට නැග්ගට මොනවා කරන්නද? චූදිතයා වැරදිකාරයෙක් නෙවෙයි නම් එ්ක උසාවිය තීන්දු කරයි, මෙයාලා මේ හදන්නේ වෙනත් නැටුමකට... දැන් අපි ඔයාගේ පැත්තේ කිව්වම මෝඩි බයවෙයි මගේ හිතේ...
ස්ටාලින් මහත්තයටත් කළුකුම් හොද්දත් එක්කලා බුරියානි පාරක් දෙන්න වගේ යන්නේ. නෝනත් එක්කලා ආවා නම් පැලෝපිය නාලෙත් ගැටගහගෙනම යන්න තිබුණා.
රිෂාඩ්, හිස්බුල්ල , අසාද් සාලි විතරක් නොවේ බලාගෙන ගියහම සමහර විට ඔක්කොම (මුස්ලිම් දේශපාලකයෝ ) දැනුවත්ව මේ ප්‍රහාරය සිදු වෙලා තිබෙන්න පුළුවන් , සමහර විට පරණ කොටිත් මේ වැඩ වලට (මරාගෙන මැරෙන බෝම්බ සැදීමේ තාක්ෂනය ලබාදීම වැනි දේවල් වලට) සම්බන්ධද දන්නේ නැහැ නැත්නම් මේ අය මොකටද කොටි හිතවාධින එක්ක සම්බන්ධ කම් පවත්වන්න යන්නේ , තත්වය මෙසේ තිබියදී ලංකාවේ මිනිස්සු මුස්ලිම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න , මුස්ලිම් කඩවලින් බඩු ගන්න බිය වෙන එක පුදුමයක් නොවේ.
තවත් අහිංසක මිනිස්සුන්ට ගින්නක් දෙන්න වෙන්න ඇති...
හකීම්ලා හදන්නේ තම අන්තවාදී අදහස් මුදුන් පමුණුවා ගැනීම සඳහා පිදුරු ගසක හෝ එල්ලීමටයි. ඔහු අවස්ථාව ලද සැනින් මහා බොරු කන්දරාවක් කියමින් තමන් හැදුනු වැඩුණු කන බොන රට පාවාදීමට හැකි අසත්පුරුෂයෙකු වග ඔප්පු කර හමාරයි.
ඌරු කොටුවල අශ්වයින් ලගින්නේ නැහැනේ. ඒක නිසා තමයි මෝදි අාවේ නැත්තේ...
මෙයා තමයි රනිල්ගේ ගිවිසුම කාලේ වෙනම ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් ගැහුවේ... සිංහල ඡන්ද අරගෙන රටම වනසනවා.