
(නිමල කොඩිතුවක්කු)
හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රුපියල් පන්දහසකින් ජනතාව රවටා මැතිවරණයකට සැරසෙන ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (06) පැවසීය.
පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණයත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩු පිහිටුවීමේ විජයග්‍රහී ගමන ආරම්භ කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
දූෂණයෙන් වංචාවෙන් තොර අවංක පිරිසිදු ජනතාව ගැන කැක්කුමක් ඇති කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය වටා ඒකරාශීවෙමින් සිටින බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වෘත්තිය සමිති අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ සඳහා සමගි ජනබලවේගය සූදානමින් සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
පළාත් සභා කියන්නේ තවත් පිරිසකට හොරකම් කරන්න අවස්ථාව දෙන එක විතරයි. ඒක නෑ කියලා රටට කිසිම ගැටළුවක් නෑ. ඕක මෙතැනින්ම නතර කරලා දාගත්තා නම් හරි...
කොයි කවුරුත් මහජනයා ගොනාට ඇන්දූ කාලේ ඉවරයි. ඉසරදයට කොට්ටය මාරු කරපු කාලෙත් ඉවරයි. හොඳට මතක තියාගෙන වැඩේ කළේ නැතිනම් ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී තමයි වෙන්නේ..
ඕගොල්ලෝ මොකද නොතිබ්බේ...?
මුන්ට ජනතාවගේ රීරි මාංශ කාල හරි දේශපාලනය කරන්න ඇත්නම්.පළාත් සභා මොකටද බොල.මොකක්ද වෙච්ච සෙතේ.අවුරැද්දකට වියදම විතරම් කෝටි දහ දාහක් වෙනව.. දැන් ඊටත් වඩා වැඩිවේවි.උබල කවුරැත් කරපුව තමයි අපි මේ ගෙවන්නෙ.
ඔයාලගෙ ආණ්ඩුව කාලෙ ඡන්ද කීයක් තිබුණ ද. නිකං පැටිකිරිය ලිහා ගන්න නැතිව ඉන්නව ද.
තිබ්බත් ඔහේලට ආයේ එනු බොරු...
මෙන්න මෙයා බොරදියේ මාළු බාන්න හදනවෝ...!!!
මහලේකම්තුමෝ, ලංකාවට පළාත්සභා අවශ්‍ය නැහැ.1987 දී ලංකාවට ඇතිවූ ප්‍රශ්නය මාලදිවයිනේ ඇතිවුණා නම් රජිව් එහෙටත් පළාත් සභා ඇතිකරනවා. දේශපාලුවන්ට පළාත් සභා මගුල් ගෙවල් වුණාට රටට අවමගුල් ඇතිවීමක් කියන්න පුළුවන්...
ඇයි බෑ කියලා හිතුවද? අපි අහුවෙයි ඕවාට...
අපේ ඉතිහාසෙට අදාළ වැදගත් නමක් කවුරු මට දැම්මාද මන්දා..? ඒ වැදගත් අතීත මිනිසුන්ට මම අපහාස කරනවා... නොදකින් විතරක් මම මොනතරම් කාලකන්නියෙක්ද..? ඇත්තටම ඒ වැදගත් උතුම් මිනිසුන්ගේ ළඟටවත් යන්න මම වගේ කෙනෙකුට බැහැනේ හැබෑවටම... මට ඒ වැදගත් නම දැම්ම එකා අහුවුණොත් දෙනවා ඇඩ්රස් නැතිවෙන්නම...