(නිමල කොඩිතුවක්කු)
ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක් පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
ජීවන වියදම ඉහළ යාම ඇතුළු කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගොස් සිදු කළ විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ස.ජ.බ ට කුණු බිත්තර ප්‍රහාරයක්
චමින්ද Monday, 07 March 2022 01:17 PM
කුණු ගොඩකින් කුණු මිසක් හොද දෙයක් දෙන්න බැහැනේ කොහොමත් පොහොට්ටුව කියන්නෙ ක්ෂනිකව ඇති වෙලා පරවෙලා යන දෙයක් මිස හැමදාම තියෙන දෙයක් නොවෙයි .සමහර පොහොට්ටු පිපෙන්න පෙරම කෘමීන් කාලා විනාශ කරනවා කුණු බිත්තර ගැසුවෙත් පොහොට්ටුව කන කෘමියෙක් තමයි කියන්න පුළුවන් .