
ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් ‘සී.අයි.ඒ’ සංවිධානයේ ප්‍රධානියා ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන විලියම් බර්න්ස් පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.
‘‘බිල් බර්න්ස් (විලියම් බර්න්ස්) විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ලෝක මට්ටමේදී අපේ රටේ ජනතාව සහ රට ආරක්ෂිතව තැබීමට ඔහුට දශක ගණනක අත්දැකීම් තිබෙනවා’’ යැයි මෙම පත්වීම නිවේදනය කරමින් ජෝ බයිඩන් සඳහන් කළේය.
ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ විලියම් බර්න්ස් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එනම් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළහ.
වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන විලියම් බර්න්ස් වසර 32කට වැඩි කාලයක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත.
(ඒ.එෆ්.පී.)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd