(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුමට තමන් දැඩි ලෙස විරුද්ධ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තමා මේ බව කැබිනට් මණ්ඩලය තුළද ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
COMMENTS
බොහොම ස්තුති.. කුමන වැරදි තිබුනත්, රටට වෙන ලොකු විනාශයක් වලක්වන්න ඔබතුමාට ශක්තිය ලැබේවා..
ඒ බව වහාම රූපවාහිනී මගින් ජනතාවට දැනුම් දෙන්න. ඒ බව එහි ඇති භයානක කම මහජනයාට විස්තර කරන්න. ඔබයි රටේ නායකයා. ඔබට ලොකු වගකීමක් තියෙනවා රට විදේශිකයින්ගෙන් ආරක්ෂා කරගන්න. ඔබ මේ බව රටටම හෙලිකලොත් ඔය දේශපාලකයන්ට යන්න තැනක් නැතිවෙන්නත් පුළුවනි.
මේකත් 19 වගේද? මේවගේ ගිවිසුම් තේරුම් ගන්න අමාරු නිසා ඒ පිළිබඳ දැන උගත් අයගෙන් අහල බලලාද නැත්නම් නාටක කාරයෝ කියන කතා පමණක් අහලද මේ තීරණය ගත්තේ..? මොකද ඔය විධායක ජනපති ක්‍රමය 1977දී ජේ.ආර් හැදුවේ ප්‍රබල බලවේග 6ක් මර්ධනය කර ලෝකේ අතපෑමෙන් මිදී උතුරු නැගෙනහිරට වෙනම රජයක් ඉල්ලා 1975 සිට අරඹා තිබුණු දෙමළ-මුස්ලිම් යුද්ධය නවතා රට සංවර්ධනය කරන්නට බව නොදැන එය අහෝසි කරන්න කියමින් රැලි පවත්වමින් ඇවිත් 2015 දීත් එහෙම කියලා ජනපති වෙලා සෝභිත හාමුදුරුවෝ රොටිය පිච්චුනා කිව්වා වගේ කියද්දී රනිල් උපායෙන් මෙයාගේ අනුමැතියත් ලබාගන 19න් ඕක 90%කින් අහෝසි කරලා බව තේරිලා තියෙන්නෙත් දැන්නේ... අනේ අපොයි මෙහෙම සාපයක් එයාට වැදිළලු... රටේ ජනතාව වන අපි නම් කියන්නේ 20ත් ගෙනැල්ලා බලය සම්පූර්ණයෙන්ම අහෝසිකරලා රටේ ජනතාව පූර්ණ බලයට පත්කරන පාර්ලිමේන්තුවට බලය පවරලා ස්වාධීන කොමිෂන් හරහා වැරදි කරන අයට නඩු පවරන එමගින් උසාවියෙන් දඬුවම් දෙන නීති නැත්නම් පක්ෂ විපක්ෂ විවාද පවත්වමින් පාර්ලිමේන්තුවෙන් නීති හදන සංස්කෘතිය බිහිවේවා කියලයි...
එතකොට අර වඩුමඩු වගේම ගෙවල්වල තිබෙන සෝෆාත් තහනම්ද?
රමිත, ඒ කියන්නේ 21 බෝම්බ ප්‍රහාරය මේ ගිවිසුමේම කොටසක් බව ඔයා හරියටම දන්නව. CID එකට ඔබ වැදගත් පණිවුඩයක් දීලා තියෙන්නේ.