
(එච්. චන්දන )
පුත්තලම - කල්පිටිය මාර්ගයේ නාරක්කල්ලිය මුහුද ආසන්නයේ ගොවි බිම අතර පිහිටි සුළං විදුලි බලාගාරයක සුළං බල කණුවක අද සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ පොලීසිය කියයි.
මෙම ගින්නෙන් සුළං විදුලි උත්පාදකය හා ජියර් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දක්කනට ලැබේ.
හමන සුළංතත්වය නිසා සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනි ගත් කොටස් විසිවී අසල ගොවිබිමක ගබඩාවක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ. ඒ ආසන්නයේ පිහිටි දුම්කොල වගාවකටද හානීවී ඇත.
සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනින්න සුළං නිසා නිවී ගොස් ඇතත්Anchor ගබඩාවේ ගින්න ඇවිලමින් පවතී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්සිජන් කන්නද අහපු අය සිටින පුත්තලමේ ප්‍රසිද්ධ කුලුනෙන් අකුණු එනවා කියලා හිතුවද දන්නෙ නැහැ