ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත අටකට දැඩි හානි සිදුවී ඇති අතර 15දෙනෙකු අතුරුදන්ව ඇත.
සුන්බුන්වලට යටවී සිටින පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩඇති බව බලධාරීහු පවසති.
මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා 110,000ක පිරිසක් යොදවා ඇතැයි සඳහන් වේ.
නගානෝ දුම්රියපළ සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර අධිවේගී බුලට් දුම්රිය 10ක් ද ගංවතුරට හසුවී ඇත. මෙම එක දුම්රියක වටිනාකම ඩොලර් මිලියන 30ක් පමණ වන බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කෙටි කලකින් මේ ස්ථාන තිබුණාටත් වඩා හොඳට හදන්න ජපනුන් දක්ෂයි...