(ඞී.කේ.රත්න)
තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයා වැලිමඩ බොරගස් සිල්මියාපුර බදුර්දියා මාවතේ පදිංචි 21 හැවිරිදි තැනැත්තෙකි.
මෙම පුද්ගලයා ජාතික තවුහිද් ජමාද් නායක සහරාන් හසීම් විසින් පවත්වනු ලබන දේශනවලට සහභාගී වෙමින් ඔහු සහ මාවැනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සමග සමීප සබඳතා පැවත්වූ බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොකක්ද? සහරාන් සිරිසේනටත් උදව් කලා කියන්නේ.
හිස්බුල්ලාට අනුව ජනපති අත්අඩංගුවට ගත යුතුයි. ජනපති වෙන්න උදව් කළේ ඔහු තමයි.