(පාලිත ආරියවංශ)
ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව වැලිමඩ පොලිසිය පවසයි.
හම්බන්තොට පිහිටි පුහුණු කඳවුරකදී සහරාන්ගේ දේශනවලට සහභාගී වී අවි පුහුණුව ලබා ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව ප්‍රකාශ කළ බවත් එහිදී ටී - 56 සහ පිස්තෝල භාවිතය පිළිබඳව මූලික පුහුණුව ලබාගත් බවත් සැකකරු පවසා තිබේ.
මාදම්පේ පිහිටි අරාබි විදුහලක ශිෂ්‍යයෙකු වන නමුත් මාසයක පමණ කාලයක් පාසැල් නොයෑම හේතුවෙන් පාසැලෙන් ඉවත් කර ඇති බවත් සැකකරු පවසා තිබේ.
මාවනැලේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් තමාගේ මිතුරන් යැයි පැවසූ සැකකරු තමා එම සිද්ධියට සම්බන්ධ නොවූ බවද පවසා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු ගමට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත වැලිමඩ පොලිසිය විසින් ඉකුත් 15 දා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
අනේ අතහරින්න අප්පා, හකීම් කියනවා බෝම්බ පුපුරපු එයාල අහිංසකයිලු. සිංහලයන් ජාතිවාදීලු...
කරුණාකර සමාජයට විසක් වූ මෙම පිලිලයන් විනාශ කරදමන ලෙස ඉල්ලා සිටින්නෙමු. එය ඔබලා තම ජීවත්වන සමාජය වෙනුවෙන් කරන මහඟු පිනකි. දෙන එක ඇඩ්රස් නැතිවෙන්නම 88/89 සිහි කැඳවමින් දෙනමෙන් ඉල්ලා සිටින්නෙමු. එය පවක් නොව පිනකි.
මෙරට ගැන ආදරයක් තියෙනවානම්, සාමයෙන් ජීවත් වෙන්න ඕනේ නම්, මේ අරාබි පාසල් ලංකාවේ තහනම් කරන්න.