IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි

(පාලිත ආරියවංශ) 
 
ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා  වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න  කරන බව වැලිමඩ පොලිසිය  පවසයි. 
 
හම්බන්තොට  පිහිටි පුහුණු  කඳවුරකදී   සහරාන්ගේ දේශනවලට සහභාගී වී   අවි පුහුණුව ලබා ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන්  කැපවන බව ප්‍රකාශ කළ බවත්  එහිදී ටී - 56 සහ පිස්තෝල භාවිතය පිළිබඳව  මූලික පුහුණුව ලබාගත් බවත් සැකකරු පවසා තිබේ.
 
මාදම්පේ පිහිටි අරාබි විදුහලක ශිෂ්‍යයෙකු වන නමුත් මාසයක පමණ කාලයක් පාසැල් නොයෑම හේතුවෙන් පාසැලෙන් ඉවත් කර ඇති බවත් සැකකරු පවසා තිබේ.
 
මාවනැලේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් තමාගේ මිතුරන් යැයි පැවසූ සැකකරු තමා එම සිද්ධියට සම්බන්ධ නොවූ බවද පවසා තිබේ. 
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු ගමට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත වැලිමඩ පොලිසිය විසින් ඉකුත් 15 දා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. 
 
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 



අදහස් (3)

සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි

sarath Monday, 17 June 2019 09:22 AM

අනේ අතහරින්න අප්පා, හකීම් කියනවා බෝම්බ පුපුරපු එයාල අහිංසකයිලු. සිංහලයන් ජාතිවාදීලු...

:       11       64

Raveendra Monday, 17 June 2019 02:17 PM

කරුණාකර සමාජයට විසක් වූ මෙම පිලිලයන් විනාශ කරදමන ලෙස ඉල්ලා සිටින්නෙමු. එය ඔබලා තම ජීවත්වන සමාජය වෙනුවෙන් කරන මහඟු පිනකි. දෙන එක ඇඩ්රස් නැතිවෙන්නම 88/89 සිහි කැඳවමින් දෙනමෙන් ඉල්ලා සිටින්නෙමු. එය පවක් නොව පිනකි.

:       6       16

Rasika Monday, 17 June 2019 09:27 PM

මෙරට ගැන ආදරයක් තියෙනවානම්, සාමයෙන් ජීවත් වෙන්න ඕනේ නම්, මේ අරාබි පාසල් ලංකාවේ තහනම් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 165 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1016 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site