IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ කල්ලිය ඉන්දියාවේ තවත් ප්‍රාන්ත වලට ගිහින්

(ඉන්දියා ටුඩේ/හින්දුස්තාන් ටයිම්ස් අනුග්‍රහයෙනි)

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් කළ පුද්ගලයන්, ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පුහුණුවීම් ලැබීම සඳහා ඉන්දියාවට යන්නට ඇතැයි යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.

“ඔවුන් ඉන්දියාවේ කාශ්මීරය, බැංගලෝරය සහ කේරළය වැනි ප්‍රදේශ වලට ගිහින් තියෙනවා. ඒ ගැන අපට තොරතුරු තියෙනවා” යයි බී.බී.සී. පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා පවසා තිබේ. මෙම බෝම්බකරුවන් ඉන්දියාවට ආගිය ගමන් වල සැබෑ අරමුණ කුමක්ද යන්න දැන්ම කිව නොහැකි බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

“සමහර විට කිසියම් ආකාරයක පුහුණුවක් ලැබීමට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවෙන් පිටත තියෙන ඔවුන්ගේ අනෙකුත් අනුගාමී සංවිධාන සමග සම්බන්ධ වීමට වෙන්න පුළුවන්” යයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වසර 10 කට වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනකු පමණ වගකිව යුතු බව කියැවේ.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු අනෙකුත් රටලින් කරන ලද දැනුම් දීම් පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දුන් යුද හමුදාපතිවරයා එම තොරතුරු ලැබී තිබුණු බව තහවුරු කළේය.

“තත්ත්වය පාලනය කිරීම සහ බුද්ධි තොරතුරු ගිහින් තියෙන්නේ එකිනෙකට වෙනස් මාවත් දෙකක. තවත් කොටසක් තවත් අතක ගිහිල්ලා. කොහොම වුණත් එතැන විශාල හිදැසක් තිබිලා තියෙන බව දැන් හැමෝටම පෙනෙනවා” යයි ද හමුදාපතිවරයා පැවසීය.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩුවේදී මෙන්ම කේරළයේදීත් කළ සෝදිසි වලින් බොහෝ තොරතුරු සොයගන්නා ලදි. එම තොරතුරු වලින් හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේදී සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව ක්‍රියාත්මක කළ අය සහ ඉන්දියාවේ ඇතැම් පුද්ගලයන් අතර සම්බන්ධතා පැවැති බවයි.
 
රියාස් අබුබකර් නැමැත්තා කේරළයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමිල්නාඩුවේත් ‘ඉස්ලාම් රාජ්‍යය’ රහසේ ක්‍රියාත්මක වන බව ඉන්දීය විමර්ශන ඒජන්සිය තහවුරු කළේය. තමන් ශ්‍රී ලංකාවේ බෝම්බකරුවන් වූ සහරාන් හසීම් සහ සකීර් නායික් දෙදෙනාව අනුගමනය කරන බව රියාස් අබුබකර් නැමැත්තා පිළිගෙන තිබිණ.

මේ අතර ඉන්දියනු ආරක්‍ෂක ඒජන්සි නිලධාරීන් පවසන්නේ මෙම අයි.එස්. (ඉස්ලාමීය රාජ්‍යයේ) ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා තමන් සෞදි අරාබියානු සගයින් සමග දිගින් දිගටම සම්බන්ධ වී සිටින බවයි. ශ්‍රී ලංකාවේ පවතින ජාතික තව්හීත් ජමාත් සංවිධානවල කේරළ සහ කොයිම්බතුර් ස්වරූප ඉන්දියාවේ පවතින බවත් ඉන්දීය ආරක්‍ෂක අංශ තහවුරු කරගෙන සිටී.

කෙසේ වෙතත් සහරාන් හසීම්ගේ ඉන්දීය ගමන් වල අරමුණු හෝ ඔහු ඉන්දියාවේදී සම්බන්ධකම් පැවැත්වූ අයගේ නම් ගම් හෙළිකිරීම ඉන්දීය ආරක්‍ෂක බලධාරීහු අකමැත්ත ප්‍රකාශ කරති. ඒ ගැන කළ විමසීමකදී එක් නිලධාරියකු කියා සිටියේ සහරාන් හසීම් තමිල්නාඩු තව්හීත් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වා ඇතත් තමිල්නාඩු තව්හීත් ජමාත් සංවිධානය කිසිම ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවයි.

 



අදහස් (12)

සහරාන්ගේ කල්ලිය ඉන්දියාවේ තවත් ප්‍රාන්ත වලට ගිහින්

Ahamed Saturday, 04 May 2019 09:05 AM

නිකන් බොරු කියන්න එපා අයියා.

:       555       400

BamunuarachchiSaturday, 04 May 2019 10:21 AM

අපි ඔයාලාට වෙලාවට ඇත්ත කියන්නම්.

:       0       56

BamunuarachchiSaturday, 04 May 2019 10:32 AM

එහෙනම් මෙයා ඇත්ත දන්නවා. මෙයාගෙන් ඇත්ත දැනගැනීමට කටයුතු කරන්න කියා හමුදා සෝදිසි අංශයට කියමු.

:       0       70

AmarabanduSaturday, 04 May 2019 10:42 AM

හරි හරි කියමුකෝ එහෙනම් තමන් ගියපු හරිම තැන

:       0       32

d.upul Saturday, 04 May 2019 09:12 AM

අන්තිමේ හමුදාපතිත් මේ ප්‍රහාර ගැන කලින් දැනගෙන ඉඳලද?

:       61       186

Bamunuarachchi Saturday, 04 May 2019 10:28 AM

අපි, මුසල්මානුවන්ට දිය යුතු පණිවිඩය, පිළිතුර තවම දීලා නැත.

:       115       2754

d.upulSaturday, 04 May 2019 01:23 PM

ඔය පණිවුඩය හරියටම දුන්නේ ඉන්දියාවේ මෝදී කාලෙකට ඉස්සෙල්ල.

:       3       35

suranjith Saturday, 04 May 2019 12:09 PM

බමුණුආරච්චි මහතා වෙත, ඔබ එක්තරා දේශපාලන නායකයෙකුගේ අනුගාමිකයෙක් හා පසුපස ගියාට මේ රටේ සෙසු ජනතාව එසේ නොවෙමු. සාමයෙන් ඉන්න ජනතාව කුපිත කොට ඔබගේ අරමුණ ඉටුකරගැනීමට උත්සාහ කිරීම හීනයක් බව තේරුම් ගත්තොත් හොඳයි.

:       379       249

BamunuarachchiSaturday, 04 May 2019 05:12 PM

1. මම මෙතන දේශපාලන නායකයෙක් ගැන කතා කලාද? අදාළ ඒ වගේම උචිත ස්ථානවලදී මම දේශපාලනය කතා කරනවා පිළිතුරු දෙනවා ඒක මගේ මානව හිමිකමක්. නමුත් ඔබ අදාළ නැති තැනකදී දේශපාලනය ඇදගෙන තිබෙනවා. 2.රටේ ජනතාව මොන නායකයා සමගද කියා 2018 පෙබරවාරි මස පෙන්වා දුන්නා. වර්තමාන නායකයින්ගෙන් රටට වෙන නස්පැත්තිය දැනගෙන බමුණුආරච්චි මීට බොහොම කලට පෙර වාදකලා. මේ අයට මේ වෙන නස්පැත්තිය කීවාම මේ සිංහලයින් බමුණුආරච්චි ජාතිවාදියෙක් කීවා. දැන් ඔවුන් ගලේ පහරපු බළලුන් වගේ ඉන්නවා. 3.කොහෙද ඔය ජනතාව, සිංහල ජනතාව සාමයෙන් ඉන්නේ, මෝඩයෝ හැරෙන්නට හැම සිංහලයෙක්ම ඉන්නේ තරහෙන්. 4. දැන් මේ කෙරෙන්නේ අමු ප්‍රෝඩාවක්. උගුරට හොරා බෙහෙත් කෑමක්. බොරු සංහිදියාවක් හොයනවා. අපිට සංහිදියාවක් ඕනේ නැත. මේක සිංහලයාගේ රට. සිංහල දරුවන්ගේ රට

:       71       342

NuwanSunday, 05 May 2019 01:40 AM

සාමය බිදලා කාගෙවත් හීන සැබෑ කරගන්න බෑ තමා. නමුත් මේ වගේ කොන්දක් නැති දුර්වල පාලකයෝ හිටපු හැම රටකම අවසානයේ දරදඩු පාලකයින් බිහිවීම ස්වාභාවිකයි. ඒක නතර කරගන්න ඕනනම් අනිත් අයත් තමන් ශක්තිමත් නායකත්වයක් සහිත බව පෙන්වාදිය යුතුයි.

:       0       29

Bishan Saturday, 04 May 2019 01:14 PM

මමත් මුස්ලිම්. අන්තවාදී ක්‍රියා වලට සම්බන්ද අය මවුලවිද, ලබ්බේද හාජිද හසරත් ද වැඩක් නෑ. දැඩි දඩුවම් දීලා මේ රට පිරිසිදු කරන්න ඕන. පෙනී යන විදියට දැන හෝ නොදැන මොවුනුත් සම්බන්දයි. රැවුල වවන් ඉන්න අයව විශ්වාස කරන්න බැරි කාලයක් මේක.

:       0       48

chandima Saturday, 04 May 2019 01:41 PM

හොඳට හොයල බලන්න, රිටන් ටිකට් එක අරන් තියෙන්නේ ලංකාවෙන්ද නැතිනම් එහෙන් එවපු එකක්ද කියල.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site