IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


'සිහින සහන කරලා - සහන සිහින කරලා'

 

(බිඟුන් මේනක ගමගේ) 
 
සිහින සහන හැටියටත්, සහන සිහින හැටියටත් පෙන් වූ ඛේමාගේ කොලුවාගේ අයවැයක් බවට 2019 අයවැය පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට පැවසීය.
 
ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමකට වැටී තිබියදී ජනතාවගේ අතේ ඇති මුදල් සංසරණය කරවන්නට ආණ්ඩුව උත්සාහ ගන්නේ යැයි චෝදනා කළ හෙතෙම වසරේ ලොකුම බොරුව බවට අයවැය පත්ව ඇතැයි අවධාරණය කළේය.
 
2019 අයවැය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මතය ගැන කළ විමසීමේදී හඳුන්නෙත්ති මහතා මෙම අදහස පළ කළේය. 
 
එහිදී හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීය. 
 
"අද වෙනකොට ඒකාබද්ධ අරමුදල තියෙන්නේ සෘණ මට්ටමේ. කෝටි විසි අටදාස් පන්සීයක් සෘණ තියෙන්නෙ. 2017 මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ රටේ ශේෂපත්‍රයට අනුව රටේ වත්කම් තියෙන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ හැට දෙදාස් දෙසීයයි. හැබැයි වගකීම් එහෙම නැත්නම් ණය රුපියල් කෝටි නව ලක්ෂ අසූ අටදාහක් පෙන්වනවා. එහෙම වෙන්න පුළුවන් ද? 2017 දෙසැම්බර් 31ට අපේ රටේ ණය පෙන්වනවා රුපියල් බිලියන නවදාස් පන්සීයක්. කෝටි නව ලක්ෂ පනස්අටදාහක්. වත්කම් කෝටි එක්ලක්ෂය නම් මේ රට පවතින්නේ කොහොමද? ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමේ තියෙද්දි ආණ්ඩුව ජනතාවගේ අතේ තිබෙන මුදල් සංසරණය කරවන්න පොළඹවන යෝජනා සංඛ්‍යාවක් ගෙනැල්ලා තියෙනවා.
 
උදාහරණයකට නිවාස හදන්න පොළඹවනවා. ණය දෙන්නේ ආණ්ඩුව පොලියෙන් කොටසක් ගෙවලා. කසාද බඳින්න පොළඹවනවා. කොටසක් ගෙවනවා. සමෘද්ධි බැංකුවල තියෙන මිනිස්සුන්ගෙ තැන්පතු මුදල් අප්‍රේල් මාසයේ නොවැම්බර් මාසයේ යොදන්න කටයුතු කරවනවා. මේ හදන්නෙ ආර්ථිකේ පුම්බන්න. රටේ සල්ලි නැති නිසා ජනතාවගේ සල්ලි ටික ඇදලා ආණ්ඩුව ලකුණු දාගන්න හදන්නේ. සහන කියන්නෙ මේකට. ඇත්තටම ගත්තොත් සහන සිහින හැටියට දවටපු අයවැයක්. එහෙම නැත්තන් සිහින සහන හැටියට පෙන්නලා තියෙනවා. එහෙම බැලුවාම සිහින සහන හැටියට පෙන්නපු ඛේමාගෙ කොලුවගෙ අයවැයක් කියලා තමයි අපට කියන්න වෙන්නේ"



අදහස් (12)

'සිහින සහන කරලා - සහන සිහින කරලා'

ravi Wednesday, 06 March 2019 06:46 AM

කියව..කියවා ඉන්න එපා .. කරලා පෙන්නන්න .

:       37       122

Mahee Wednesday, 06 March 2019 06:56 AM

අය වැය ගැන එකාබද්ධේ කට්ටිය කියන්නේ තමන්ගේ කාලයේ කරපු නාස්තිය ගැන මොකුත් නොදන්නා අය වගේ. ඒ සේරම උමතු විකාර ජවීපෙ උත්සාහයක් දරනවා හේතු සහිතව කරුණු පැහැදිලි කරන්න. ඒක තමයි කල යුත්තේ. අය -- වැය බැලූ බැල්මට නම් හොඳයි. ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියල නම් සැකයි. ඔය කියන ආදායම් මාර්ග (බදු ඉපයුම්) හරි යයිද? ආදායම් නැතුව කොහොමද ඔය කියන යහපත් දේවල් කරන්නේ. මට හිතෙන්නේ, කළා නම් හොඳයි කියල හිතෙන නමුත් කල නොහැකි දේවල් පිලිබඳ ලැයිස්තුවක් විතරයි කියලයි.

:       90       17

Sathya Wednesday, 06 March 2019 07:13 AM

ඒ වගේම තමයි ආණ්ඩුවට ගන්න බදු හා අනිත් ඒවා අප්‍රෙල් 1 (අයවැය සම්මත වීමටත් පෙර) දෙන ඒවා ජුලි මාසේ ඉඳන් පස්සේ කාලෙක. මේක මේ අවුරුද්දේ අයවැයද, නැත්නම් ලබන අවුරුද්දැක අයවැයක්ද?

:       0       2

ලුම්බිණි Wednesday, 06 March 2019 07:21 AM

ඇත්තටම ඔබ තුමාල කල යුත්තේ විකල්ප අයවැයක් හදලා පෙන්නන එක. එතකොට අපට පෙනෙනවා ජනතාවට සිහින වෙනුවට සහන දෙන අතරේ සෘණ මට්ටමේ තිබෙන ඒකාබද්ධ අරමුදල ධන මට්ටමට ගෙන ඒමේ හැකියාව ඔබ තුමන්ලාට තිබෙනවා කියලා. එහෙම කලොත් මේ රටේ මිනිස්සු ඔබ තුමන්ලා බලයට පත් කරාවි.

:       4       8

kapWednesday, 06 March 2019 07:54 AM

මේ අය එන්නේ වැඩේ ඉවර වෙලා දෙන තේ පාටියේ කන්න බොන්න

:       4       3

kap Wednesday, 06 March 2019 07:34 AM

71, 88, 89, 90 ගනන්වල රටේ දේපල විනාස කරලා රට ආපස්සට හෑරෙව්ව සෙට් එකක් රටේ ණය ගෑන කතා කරනවා. කිසිම ප්‍රතිපත්තියක් නෑති, සංවර්දන අදහසක් නෑති, දේශපාලන පක්ශයක් තමයි මේ. 2001 දුන්න චාන්ස් එකෙන් කරපුවා කියන්නකො.

:       103       144

ruwan Wednesday, 06 March 2019 07:42 AM

හරි විකල්පයක් තියෙනවානම් ඉදිරිපත් කරන්න රට ගොඩ නගන්න හෑමදාම බනින එකමයි කරන්නේ පාර්ලිමෙන්තුවක වාඩි වෙලා පඩි අරන් වෑඩක් නෑහෑ රජය ගෙනියන්න ක්‍රම සහ විදි ඉදිරිපත් කරන්න ඕනේ රටට ජනතාවට ඔය තරම් ආදරේනම්

:       31       24

S. Rathnayake Wednesday, 06 March 2019 08:07 AM

අය වැය වලින් වැඩි කරන ඒවා ක්‍රියාත්මක වෙනවා. සහන ගැන කියපුව වෙන් නැති එක ගැන තමයි ප්‍රශ්නය. ඒ දේවල් වචන වලට සිමා වෙනවා. උදාහරණයක් :- රට ඉන්න අයට ණය දෙනවා කියනවා. බැංකු වලට ගියාම කියනවා එහෙම ණය දෙන්න උපදෙස් අවේ නැ කියල. ඇත්තටම අය වැයකින් වෙන්න ඕන රටේ ජනතාවට සෙතක් වෙන දෙයක් ,රට දියුනු වෙන දෙයක් රටේ ආර්ථිකය දියුනු වෙන දෙයක් මිස බොරු සුරඟන ලෝකයක් මවන එක නොවේ කියලා මතක තියා ගන්න . මිනිස්සු හැමදාම ඔය බොරු වලට රැවටෙන් නෑ.

:       0       71

Wasudewa Wednesday, 06 March 2019 09:15 AM

මේ අය ලග සිහින මවන ප්‍රතිපත්ති සහ විවේචන ගොඩක් තියෙනවා. නමුත් හැමදාම ඡන්ද ලක්ෂ 5 වත් නැහැ. ඒ මොකද කිවුවොත් මහජනතාවට මේ අය ගැන කිසිම විස්වාසයක් නැහැ. මොකද කිසි දවසක වෙන ආණ්ඩුවක් එක්ක එකතු වෙලා තමන්ට කරන්න පුළුවන් බව මහජනතාවට පෙන්නන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ. හොද දෙයක් වුනත් දකින්නේ වැරදි විදියට. ආණ්ඩුවක් කරන අය තමයි රටේ ණය බර සහ අනිකුත් ප්‍රශ්න දන්නේ. මේ බොරුවට විවේචනය කරන්න ඉතා පහසුයි. කරන රජයකට එකතුවෙලා රටට වැඩක් කරලා පෙන්නන්නකො.

:       4       279

krishantha Wednesday, 06 March 2019 09:34 AM

මොනවා කිව්වත් ඡන්දෙ විමසන දවසට තමා කට්ටියගේ කෙරුවාව බලන්න පුළුවන්...

:       1       21

Deepal Nirosh Wednesday, 06 March 2019 11:17 AM

සිහින සහන මොනව වුණත් කමක් නැහැ, ගේන්න හදන 20 සිහිනයක් පමණක් කරල දෙන්න, ඒ ඇති.

:       0       0

Bamunuarachchi Wednesday, 06 March 2019 01:29 PM

මොනවද ඔය කියවන්නේ ? ජනතාවගේ සහන සිහින කලේ ජෙප්පෝ. එජාපයින්ගේ සිහින සහන කලෙත් ජෙප්පෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site