(යොහාන් භාසුර)
බන්ධනාගත කර දින 20 කට පසුව සිසු නායකයන්ට ‘කොවිඩ්’ වැළදීමෙන් ඔවුන්ට වරයිරසය බන්ධානාගාරයෙන් බෝවීම ඇතැයි තහවුරු වන බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල්කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරුව තිබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
බදුල්ල තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී පසුගිය 25 වැනිදා කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසු නායකයන් තිදෙනා කොවිඩ් අසාදිත බවට තහවුරු වී ඇති බව කී පුබුදු ජාගොඩ මහතා පැවසුවේ රජය නිරෝධනය මධ්‍යස්ථාන යැයි හදුන්වමින් ජීවිත පිළිබඳව කිසිඳු වගකීමකින් තොරව පුද්ගලයන් සිය ගණන් එකට රඳවා ඇති බවත්ය.
කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජික සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන්ට බවට පත්ව සිටිය ද මේ දක්වා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර නොමැති බවත් සිසු නායකයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇප නොලැබීම රජයේ සැලැස්මක් බවත් ජාගොඩ මහතා කීය.
COMMENTS
තමන්ගේ අඩුලුහුඬුකම් වහගන්න අපේ මිනිස්සු තරම් දක්ෂයින් මෙලොව කොහෙවත්ම නැතිව ඇති. ඇත්තෙන්ම රටට වැඩදායී යමක්, අලුත් නිර්මාණයක් සොයා ගන්න මේ මිනිසුන් ඒ දක්ෂතාවය යොදවන්නේ නැත්තේ මන්ද? හේතුවත් ඉතාමත්ම පැහැදිලියි.. මේ ගොයියෝ දවස පටන්ගන්නේ දියව් දියව් කියා ගෙනමනේ...
මේ වගේ විගඩම් නිසා තමයි රට මෙතරම් පැටලිලා සිටින්නේ.
බන්ධාගාරයේ ඉඳිද්දී හැදුන වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. පළවන ටෙස්ට් එක කරන විට ලෙඩේ පෙන්වන්නේ ඒ ටෙස්ට් එක කරන්න දින දෙක තුණකටවත් කලින් වයිරසය ශරීර ගත වෙලා ලෙඩේ මතුවෙන තත්ත්වයට ඇවිත්නම් පමණයි.
මේ තමයි රට කන සෙට් ඒක සිසු නායකයෝ කිව්වට කිසිම වැඩක් නැනේ රටට
කොහොමත් ඔය කට්ටිය රටට විෂබීජයක්.
ඔයාට ඕන මේක එනකොටම හැදිලා දින 20ක් ඇඟේ හංගගෙන හිටියා කියලද? ඒක අමුතු වෛරසයක්... එහෙම නම් කවදාවත් මේ වෛරසය ඉවරකරන්න හමබවෙන්නේ නැහැ...
බන්ධනාගාරයට යන්න පාර කපලා දැන් සුදනන් වෙන්න හදනවා ඒ ළමයින්ව දක්කලා.
මේ වගේ වෛරස ඉක්මණින්ම ඉවරයක් කළයුතුයි. රටට ලොකු හානියක්...
ඒ ගොල්ලන්ට කලින්ම පෙරටුගාමී වයිරසය වැළඳී තිබුණා. එ්කනේ නිරෝධායනයට බන්ධනාගාරයට යැව්වේ...
ඔය සිසුනායකයින් නොවෙයි... කුරුටුගාමී පාප්ප කල්ලියේ කට්ටිය...
රටට පාලනයට රටේ, සෞඛ්‍ය සේවයට උපදෙස් දෙන නිල නොලත් අති පණ්ඩිත, විශාරද සෙට් එකේ ඉන්නේ බහුතරයක්.
මෙයාල බන්ධනාගාර ගත වෙන්න ත් ජවිපෙ එළියට එන්නත් හේතුව මොකක්ද .