(ඉන්දිකා රාමනායක)
සූම් තාක්ෂණය සදහා පැකේජ ලබාදෙන බව පවසා පිටබැද්දර පාසලක සිසුවියන් පිරිසකගේ දුරකතන අංක ලබාගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක් කළ සැකකරුවකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශනය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
තම සිසුවියන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක්කර ඇති බවට විදුහල්පතිවරයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු තමුත්තේගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බවත් ඔව් ප්‍රධාන පෙළේ පෙලේ ජංගම දුරකථන දුරකතන සමාගමක සේවකයකු වූ බවද පොලිසිය කියයි.
මෙම සැකකරු ජංගම දුරකථන හරහා සිසුවියන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද අජිත් රෝහණ මහතා කීය.
සැකකරු අද මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
දැන් යන ක්‍රමය ඉතාමත්ම හොඳයි. මෙපමණ කලක් මේ අයුරින් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් දැන් හොඳ හැටි අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන බව පෙනෙනවා. අපේ රට, සංස්කෘතිය වනසන්නන් අත්අඩංගුවට ගත යුතුමයි. පසුගියදා සාකච්ඡාවකදී එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු මා සමග පැවසුවේ, "බල්ලන් ෆෝන් ගත්තා. ෆෝන් එක බල්ලට ගියා " යනුවෙනි....
ඉතා හොඳ ක්‍රියාවක්. මේ වගේ අසහන කාරයින් සියලු දෙනාම නීතියේ රැහැනට කොටුකර ගතයුතුයි. කරගන්න දෙයක් නැතුව රටේ කී දෙනෙක් මේ වගේ දේවල් වලට මුහුණ දෙනවා ඇද්ද?
ඇයි යකුනේ? මෙයාට නමක්වත් නැද්ද?
අසහනකාරයින් වැඩියි දැන්...!!!
මේ වගේ සක්කිලි මිනිසුන්ව මරන්න ඔනි