IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිසුවියට පිහියෙන් ඇන්න කොල්ලා මාට්ටු

(ඩි.ජී.සුගතපාල)

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පිහියෙන් ඇන ඇයගේ ජංගම දුරකතනය ද උදුරාගෙන පලාගොස්  සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල  ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. තුවාල සිදුකිරිම සඳහා යොදාගත් පිහියද කොල්ලකන ලද සිසුවියගේ ජංගම දුරකතනයද පොලිස් බාරයට ගෙන ඇත.

සිසුවියගේ බඩට පිහි පාර වැදි ඇති අතර ඇය මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිසුවියද තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවියකි.

ඇය පසුගිය 21 දා  පැවති විභාගයට පෙනි සිටිම සඳහා පැමිණ ඇති අවස්ථාවේ සැකකරු මෙසේ පිහියෙන් ඇන තිබේ.

 එම සිසුවිය මෙම පුද්ගලයාට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස පිහි  ඇනුම සිදු වී ඇති බව අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

අක්මිමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මධුරංග මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (25)  ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

 

 



අදහස් (0)

සිසුවියට පිහියෙන් ඇන්න කොල්ලා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site