(සුජිත් හේවාජුලිගේ )
රජය විවේචනය කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු නායකයන් අතර මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තනතුරින් පසුගිය 4 වැනිදා ඉවත් කරනු ලැබීය.
ප්‍රේම ජයන්ත මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ කටයුතු පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය. ඔහු අවසන්වරට ආණ්ඩුව විවේචනය කළේ පසුගිය 2 වැනිදා දෙල්කඳ පොළට ගොස් සිටියදීය.
ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ ඉන් අනතුරුවය.

COMMENTS
මෙයා දකිනකොට කේන්ති එන්නේ මට විතරද?
දන්න දෙයක් කියන්න... අයිසේ..!
එතකොට සුම්මා හම්බවුණු මන්ත්‍රීකමයි, ඡන්ද අරගෙන හම්බවුණු මන්ත්‍රීකමයි... වෙනස කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි.
අනේ සාගරයෝ ඔයාලා හිතන් ඉන්නේ හරි වීරයින් ටිකක් කියලද? මේ සැරෙන් පස්සේ නුඹලාට යන්න එන්න තැනක් වත් නැති වේවි...!!!